එජාපයට සහාය දෙන බව පවසා හකීම්ගේ හා බදියුදීන්ගේ 12 ක් මක්කමේ ගිහින්

https://www.gossiplankanews.com/2018/11/Rauff-hakeem-rishad-bathiudeen-unp-support.html
සුගිය දිනවල රජයේ මාධ්‍ය හා රජයට පක්ෂපාතී පුද්ගලික මාධ්‍ය තුළ රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් දෙදෙනා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට සහය දක්වන්නට තීරණය කර ඇති බවට විවිධ ප්‍රචාරයන්  සිදුවිය. රජය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන්නට යෝජනාවී ඇති බවත්
එය අද හෙටම අත්සන් කිරීමෙන් පසු තීරණාත්මක බලයක් සහිත ඔවුන් 12 දෙනා ඇමති ධූරවලට එක්වනු ඇති බවටත් ප්‍රචාරය විය. එස්බී දිසානායක ඇමතිවරයාද සාකච්ඡා සාර්ථකවූ බව කියා තිබුණි. නමුත්
ඇතිව තිබෙන දේශපාලන අර්බුදය තුළ
තමන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමෙන් පසු සිය සාමාජිකයින් බිලිබාගැනීම්වලින් වැළකී සිටීමේ උපායක් ලෙස හිටපු ඇමති රාවුෆ් හකීම්ගේ 7 දෙනාත් හා හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ 5 දෙනාත් මන්ත්‍රීවරුන් එකතුව 12 දෙනාම මක්කම බලා සංචාරයක නිරතවී ඇත.


ඔවුන් දෙදෙනාම පැහැදිලි ලෙසම එජාපයට සහාය දක්වන බව සිය අවසන් ස්ථාවරය ලෙස දන්වා ඇති අතර ජනපතිවරයාගේ තීරණය ව්‍යවස්ථා වීරෝධී බවට හෙළා දැක ඇත.
පාර්ලිමේන්තුව කැඳවන දිනයට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණ අවශ්‍ය සහය එජාපයට ලබාදෙන බවද දන්වා ඇත.

දේශපාලන ආරංචි වාර්තා කරන්නේ සිය සාමාජිකයින් බිලිබාගැනීම්වලින් වැළකී සිටීමේ උපායක් ලෙස මේ ආකාරයට රටින් බැහැරවී ආගමික කටයුත්තකට දායක කරගෙන ඇති බවයි.

හකීම් තම පිරිස එජාපයට සහය දෙන බව සිය ට්විටර් ගිණුමේ අවසන් වරට පළ කළ ලිඛිත පණිවිඩය ලෙසද බදියුදීන්  එජාපයට සහය දෙන බව සිය ට්විටර් ගිණුමේ අවසන් වීඩියෝවකින්ද දන්වා ඇත.
ඔවුන් මක්කමේ යාමට පෙර සුදු වස්ත්‍රයෙන් සැරසී කණ්ඩායම් වශයෙන් ලබාගත් ඡායාරූප පහතින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment