රජයේ සේවකයන්ට නැවත වාහන පර්මිට් දෙනවලු


රජයේ සේවකයන්ට යළි වාහන බලපත්‍ර දීමට රජයේ අවධානය යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී
ලක්ෂ්මන් යාපා

අබේවර්ධන මහතා කොළඹ දී 07 දා පැවසීය.
මේ සම්බන්ධයෙන් ඡනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යරයා විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව ඔහු සඳහන් කළේය. ඒ අනුව රජයේ සේවකයන්ට යළි වාහන බලපත්‍ර දීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බව ද අබේවර්ධන මහතා පැවැසිය. .
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය සේවකයින් සඳහා වාහන බලපත්‍ර ලබාදීම මාස හයකින් අත්හිටුවීමට යහපාලන ආණ්ඩුව මිට පෙර තීරණය කර තිබිණි.
(නිමල කොඩිතුවක්කු)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment