මහ මැතිවරණ වියදම බිලියන 5 ක්


ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමෙන් පසු ලබන ජනවාරි මාසයේ මහමැතිවරණයක් පවත්වන්නට සිදුවීම මත එයට ඇස්තමේන්තුගත වියදමක් සකස් කරන්නට මැතිවරණ කොමසාරිස් කාර්යාලය කටයුතු කර ඇත.

ඒ අනුව 2019 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 4ත් 5 ත් අතර

ප්‍රමාණයක් වැයවනු ඇති බව ගණන් බලා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.
මෙවර මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වෙනු ඇති බව වාර්තාවන අතර ඒ අනුව ඒ ඒ අපේක්ෂකයින් විසින් තමතමන්ගේ ප්‍රචාරණය පිණිසද විශාල වශයෙන් තම මුදල් මෙන්ම නොනිල ලෙස රජයේ මුදල්ද වැය කරනු ඇති.
මැතිවරණ ක්‍රමය යහපත්ව පවත්වාගැනීමට අවශ්‍ය බවට පසුගිය කාලයේ දේශපාලකයින් හා විද්වතුන් විශාල වශයෙන් අදහස් පළ කළ අතර නිශ්චිත කාල වකවානු අනුව මැතිවරණ පැවැත්වීමේ විනය මෙන්ම මනාප ක්‍රම නිසා සිදුවන අනවශ්‍ය නාස්තිය අවම කිරීමට හා එම ක්‍රම මගින් නියෝජනය නිවැරදි නොවීම ගැන අදහස් පළ විය. මැතිවරණ කොමිෂමක් පිහිටුවා මේ කරුණු විධිමත් කිරීමටද කටයුතු කරන ලදි.
නමුත් මෙම විනය තවමත් රටතුළ සැකසී නැති අතර තවමත් පැරණි ආකාරයට හිතු හැටියේ මැතිවරණ පැවැත්වීම හා මනාප මගින් බලය තහවුරු කිරීමෙ අවශ්‍යතාව මත විශාල වශයෙන් මුදල් නාස්ති වෙමින් පවතී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment