මහින්ද පොහොට්ටුවට පනී : මහ මැතිවරණයට කොළඹින් : ශ්‍රීලනිප ඇමතිවරු තිගැස්මක.


මහින්ද රාජපක්ශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ඒ මීට සුළු මොහොතකට පෙර විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේ දී ය.

මේ අතර අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් නාමයෝජනා බාරදීමට නියමිත බවට වාර්තා වේ.

ඒ හරහා එජාපයට බර කොළඹ දිස්ත්‍රීක්කය තුල බරපතල වෙනසක් කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මහින්ද රාජපක්ෂ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රීක්කයෙනි.

මර්වින් අනුරපුරයෙන් 

මේ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඔහුගේ 'වීර දුටුගැමුණු' සංවිධානයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇතැයි එම සංවිධානයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ගොඩනගන පෙරමුණක පාර්ශවකරුවකු වීම සම්බන්ධයෙන් ද 'වීර දුටුගැමුණු' සංවිධානයේ අවධානය යොමුව ඇති බවත් එවැනි පුළුල් පෙරමුණක් ගොඩනැගෙන්නේ නම් මර්වින් සිල්වා මහතා එවැනි පෙරමුණක් යටතේ අනුරාධපුරයෙන් තරඟ කිරීමේ සුදානමක් ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

නාමයෝජනා දී පරාජය කරයි ද? 

ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට නාමයෝජනා දී අනතුරුව ඡන්ද ව්‍යාපාරය තුල පලිගැනීම් සිදුකර තමන්ව පරාජයට පත්කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරනු ඇතැයි ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ට බරපතල සැකයක් මතුව ඇත.

පසුගිය සමයේදී රාජපක්ෂවරුන් දැඩි ලෙස විවේචනයට ලක්කළ විජිත් විජිතමුනි සොයිසා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, රන්ජිත් සියඹලාපිටිය, පියසේන ගමගේ, ඒ.එච්. එම්. ෆවුසි වැනි මේවනවිටත් ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තම සැකය පෙන්වා දී තිබේ.

අනතුරුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත වහාම ඊයේ (10) ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පෞද්ගලික හමුවී ඇති 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා,  එම මැති ඇමතිවරුන්ගේ දේශපාලන අනාගතය සහතික කරන බවට පොරොන්දු වී ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 


එහෙත්, තමා කිසිඳු විටෙක 'පොහොට්ටු' ලකුණ යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

තිස්සට?

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා, මෙවර මහ මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු පෙරමුණක් යටතේ මහනුවර දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ඔහුගේ නම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවේ සඳහන් වුවද ඔහුට මන්ත්‍රී ධුරයක් හිමි නොවිය.

එජාපයේ මන්ත්‍රිවරුන් දෙදෙනා 'පොහොට්ටුවෙන්'

මේ අතර මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහාය පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන පක්‍ෂයකින්ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.

මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට එක් වූ ආනන්ද අලූත්ගමගේ මහතාගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රීක්කය සදහා තරග කරන බවයි.

අලුත් ආණ්ඩුවට එක්වූ පුත්තලම දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ද කියා සිටියේ, තමන්ද ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අඅගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ තරග වදින බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment