මහින්ද රාජපක්ෂ ශ්‍රීලනිපය හැර යයි

https://www.gossiplankanews.com/2018/11/mahinda-leaves-slfp.html
ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දෙවරක් ජනපති පදවිය ලද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පක්ෂය හැර ගියේය. ඔහු තම සහෝදර බැැසිල් මූලිකත්වයෙන් පිහිටවූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) ලබා ගත්තේය.
අද පෙරවරු 11.00 ට පමණ, විජේරාම නිල නිවසේදී
ඔහු මෙම සාමාජිකත්වය ලබා ගත් අතර අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම ඒ අවස්ථාවේදී සිදුව ඇත.

පසුගිය කාලයේ මෛත්‍රී සමග සිටි ශ්‍රී ලංකා

නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රීවරුද සාමාජිකත්වය ලබා ගත් අය අතර වන බව වාර්තාවේ.
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශද මෙයට අයත්ය.

මේ අනුව ඉදිරි මහමැතිවරණයට මහින්ද රාජපක්ෂ පොහොට්ටුව ලකුණින් හෝ පොහොට්ටු හා අත එක්වූ සංධානයකින් ඉදිරිපත්වනු ඇති අතර එහිදී වැඩි බලය පොහොට්ටුව සතුවනු ඇත.
එසේ නොවුණහොත් ශ්‍රීලනිපය වෙනමත් පොදුජන පෙරමුණ වෙනමත් කරගවැදී පසුව ආණ්ඩු පිහිටුවීමේදී එක්වනු ඇත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යනු මෛත්‍රීපාල සිරිසේන හා තවත් කිහිපදෙනෙකුට පමණක් අයත් පක්ෂයක් බවට පත්වන ලකුණු පහළවී තිබේ.

පසුගිය කාලයේ මැතිවරණ ප්‍රතිඵල සැලකීමේදී ශ්‍රීලනිපය තනිව දිනාගනු ලැබුවේ සියයට 4 කි. ඒ අනුව ශ්‍රීලනිපය මෙම සංසිද්ධිය සමග දේශපාලන ධාරාවෙන් ඉවත්වන පක්ෂයක් බවට පත්වන ලකුණු පහළ කර තිබේ.
2020 ජනපතිවරණයට පොහොට්ටුව ලකුණින් වෙනම තරගකරුවෙකු ඉදිරිපත්කිරීමටද අවස්ථාවක් උදාවන අතර ඒ අනුව මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිපයෙන් තනිව තරග වැදීමට සිදුවනු ඇත.

පසුගිය දිනවල සිදුවූ සිද්ධිදාමයම මෙම අවසන් ක්‍රියාවලිය හා සම්බන්ධ 'බැසිල්ගේ උපායක්' ලෙස ඇතැම් දේශපාලන වාර්තාවල සටහන්ව තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment