සෙල්‌ෆිගන්න ගිය ජර්මානු කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට වැටී මරුට


 අද 11 දින උදෑසන 7.50ට පමණ ජර්මන් ජාතික කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට වැටී තිබේ. මේ ගැන
පට්ටිපොල පොලිසියට ලද

තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කරනු ලැබීය.
මෙම කාන්තාව ඇයගේ යෙහෙළියක් සමඟ ලෝකාන්තය නැරඹීමට ගොස් එම ස්ථානයේ ඡායාරූප ගැනීමට යාමේදී මෙසේ අනතුරට ලක්විය. මෙම කාන්තාව සෙවීම සඳහා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව හා වනජීවී නිලධාරීන් එක්ව  මෙහෙයුමක් දියත් කරන ලද අතර මියගොස් සිටි ඇගේ සිරුර ලෝකාන්ත බෑවුමෙන් අඩි තිහක් පමණ පහළ ගසක රැඳී තිබී  ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මගින් මුදාගන්නා ලදි.බලංගොඩ - නන්පේරියල් වත්ත ප්‍රදේශයේ තිබී ඇයගේ සිරුර සොයාගත් බව පොලීසිය තහවුරු කරන ලදි..

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment