රූපලාවන්‍ය ශිල්පිනියගේ අනියම් පෙම්වතා ඇයත් සැමියාත් කපා කොටා පලා ගිහින්


 පාදුක්‌ක රූපලාවන්‍යාගාරයකට කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනකු රූපලාවන්‍ය ශිල්පිනිය හා ඔහුගේ සැමියා කපා කොටා පලායෑමේ පුවතක්‌ පාදුක්‌ක පොලිස්‌ බල ප්‍රදේශයෙන් වාර්තාවේ.
අනියම් සබඳතාවක්‌ දුරදිග යැමෙන් ඇතිවූ මෙම සිදුවීම කොන්ත්‍රාත්තුවක්‌ ලබා දීමෙන් සිදු කළ බවට පාදුක්‌ක පොලිසිය මෙතෙක්‌ සිදු කළ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

රූපලාවන්‍ය ශිල්පිනිය හා පෙමින් බැඳුණු පාදුක්‌කේම ව්‍යාපාරිකයකු ඇයට රිසිසේ වියදම් කර ඇය සමඟ සබඳතාවක්‌

පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහුද සිය බිරිඳගෙන් වෙන්ව සිට ඇත. කෙසේ වුවද කෙමෙන් තම අනියම් බිරිඳ වෙනස්‌වී යනු තේරුම් ගත් බොහෝ අවස්‌ථාවල එම ගැටුම් පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානයේ නතර වී ඇති අතර පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. පී. ගුණරත්න මහතා මීට දින 4 ට පෙර ද මෙම දෙපාර්ශ්වයට අවවාද කර පැමිණිල්ල සමථයට පත් කර ඇත.

කෙසේ වුවද පාදුක්‌ක රජයේ රෝහල අසලින් තම රූපලාවන්‍යාගාරය ඉවත් කළ ඇය හොරණ පාරේ ස්‌ථාපිත කර ඇත්තේ අනියම් සැමියාගෙන් මිදීමට විය යුතුය.

පාදුක්‌ක අවන්හලට ත්‍රිරෝද රථයකින් පැමිණි තිදෙනකු ත්‍රිරෝද රථය එහි දමා පාදුක්‌ක ත්‍රිරෝද රථ ගාලෙන් ත්‍රිරෝද රථයක්‌ ගෙන සති පොළට ගොස්‌ එහි මාළු වෙළෙඳසැලක තිබූ පිහියක්‌ ගෙන ඉහතකී සැලුන් එකට ගොස්‌ රූපලාවන්‍ය ශිල්පිනිය හා ඔහුගේ සැමියා කපා කොටා පලා ගොස්‌ තිබේ. මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන පාදුක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති එච්. පී. ගුණරත්න මහතා ඇතුළු පිරිස ත්‍රිරෝද රථය පැදවූ "මැක්‌කා" යන අන්වර්ථ නාමයන් හැඳින්වූ පුද්ගලයා ද මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් බවට සැකකරන රූපලාවන්‍ය ශිල්පිනියගේ අනියම් පුරුෂයාද අත්අඩංගුවට ගෙන ඇත.

පාදුක්‌ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර තුවාලකරුවන් හෝමාගම රෝහලට ඇතුල් කර ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

- මධුර ප්‍රියන්ජිත්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment