ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ඇමරිකාවේ කණස්සල්ල.


දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල පළ කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන නිකුත් කළ අතර පාර්ලිමේන්තුව කැඳවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නැයි එම සෑම අවස්ථාවකදීම අවධාරණයෙන් කියා සිටියේය. 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

“ දේශපාලන අර්බුදය උග්‍ර කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි කනස්සල්ල ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකාවේ විශ්වාසදායි හවුල්කරුවෙකු වශයෙන් ස්ථාවරත්වය හා සමෘද්ධිය තහවුරු කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ ක්‍රියාවලියට ගරු කළ යුතු බව අපගේ විශ්වාසයයි”.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත එලියට් එංගල්ගේ මූලිකත්වයෙන් යුතු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ උත්සන්න වෙමින් පවතින අර්බුදය පිලිබදව සිය අවධානය යොමු කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment