පොලිස්පති ලබන සතියේ ගෙදර?


ඉදිරි සතියේ නව පොලිස්පතිවරයකු පත් කිරීම ගැන තීන්දුවක් ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි “දේශය” පුවත්පත වාර්තා කර තිබේ.

ඒ ගැන දැනටමත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එකඟත්වයකට පත්ව සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරන බවද පැවසේ.

අභිනව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට අදහස් කර ඇති බවද එහි දැක්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආරක්ෂක සේවාවට අදාළ රාජකාරි ගණනාවක්ම දැනටමත් නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහට පවරා ඇතැයි වාර්තා වේ.

අගමැතිගේ OIC ඉවත් කිරීම පොලිස් කොමිසම අත්හිටුවයි !

මේ අතර, අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථායේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එන්. ගුරුගේ මහතා එම තනතුරින් ඉවත් කර එම කොට්ඨාසයේම සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පසුගිය 30 වැනිදා විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කර තිබිණි.

එම කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරට චාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. බී. වික්‍රමසිංහ මහතා පත් කිරීමට ද පොලිස්පතිවරයා නියෝග කර තිබිණි.

මෙම පත් කිරීම් සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණු බව ද පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම පත් කිරීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබේ.

එම නියෝගය ක්‍රියාත්මක කරමින් අදාළ ස්ථාන මාරු අවලංගු කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බවද මේ අතර වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment