සිරිසේන ජනාධිපතිට චන්ද්‍රිකා භීතිකාව.


දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් සමග පෙරේදා (03) රාත්‍රීයේ පැවැති හමුවකදි මේ බව අනාවරණය කර ඇති අතර යම් ආකාරයකට පාර්ලිමේන්තුව කැඳවුවහොත් එහිදී ශ්‍රීලනිප පිරිසක් එක්සත් ජාතික පක්ෂයට සහය දීමට හෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමේ අවධානමක් ගැන තොරතුරු ලැබී ඇති බවද පවසා ඇත.

එසේම මේ මෙහෙයුම පිටුපස සිටින්නේ හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බවත් පවසා ඇති සිරිසේන ජනාධිපති වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් පසුගිය කාලය පුරාවට පක්ෂය අල්ලාගෙන සිටියේ චන්ද්‍රිකා නිසා බවත් රාජපක්ෂලා කොතෙක් උත්සාහ කළත් අවසාන මොහොත දක්වා ඔවුන්ට පක්ෂයේ බලය අල්ලා ගන්නට නොහැකි තරම් ශක්තියක් පක්ෂ අභ්‍යන්තරයේ චන්ද්‍රිකාට තිබූ බවය.

එසේම අගමැති රනිල්ට එරෙහිව පැමිණි විශ්වාසභංග යෝජනාව අවස්ථාවේ ද තමන් නිහඬව සිටියදී පවා මැති ඇමති පිරිසක් ස්වාධීන කිරීමේ කටයුත්ත සිදුකළේද චන්ද්‍රිකා බවද පවසා ඇති සිරිසේන එවැන්නක් යළිත් සිදුවීමේ අවධානම ප්‍රතික්ෂේප කළ නොහැකි බවද පවසා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment