දේශපාලන බල පෙරළියෙන් වැඩිම හානිය සිදුවෙන්නේ රාජ්‍ය සේවයට හා රාජ්‍ය සෙවකයන්ට


දේශපාලන බලපෙරළියෙන් වැඩිම හානිය සිදුවන්නේ රාජ්‍ය සේවයට හා රාජ්‍ය සේවක සේවිකාවන්ට බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.  පසුගිය ආණ්ඩුව අය - වැය තුළින්
රාජ්‍ය සේවක සේවිකාවන්ට

රුපියල් පන් දහසක  දීමනාවක් දීමට යෝජනා වී තිබූ බවත් මේ වන විට එම අය - වැය ලේඛනය අවලංගු වී තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් තිලකරත්න මහතා පැවැසීය. මිට අමතරව රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට ජනාධිපති මෙමත්‍රිපාල සිරිසේන මහතා නව වැටුප් කොමිසමක් පත්කළ බවත් එහි වර්තතාව ඔක්තෝබර් 28 වැනිදා ලබාදීමට නියමිතව තිබූ බවත් අජිත් තිලකරත්න මහතා කීය.

මේ වන විට වාර්තාව ලබාදීම කල්ගොස් තිබෙන බවත් මෙවන් තත්ත්වයක් තුළ රාජ්‍ය සේවක සේවිකාවන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බවත් තිලකරත්න මහතා සඳහන් කළේය. මීට අමතරව රාජ්‍ය සේවය ක්‍රියාත්ක විම සඳහා වාර්ෂිකව මුදල් අවශ්‍ය බවත් එම මුදල් අය-වැය තුළින් නිසි අවස්ථාවේදී ලබාදුන් බවත් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය. එහෙත් සකස් කළ අය-වැය ලේඛනය අවලංගු වී තිබෙන හෙයින් අතුරු අයවැයක් මේ මස 16 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරීපත් කරන බවට ප්‍රකාශ වෙමින් තිබෙන බවද හෙතෙම කියා සිටියේය. මේ නිසා ලබන වසරට (2019) අදාළව රාජ්‍ය සේවය පවත්වාගෙන යැම සඳහා නියමිත ලෙස, නියමිත දිනට මුදල් ලැබේද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවද තිලකරත්න මහතා සඳහන් කළේය.

-අරියරත්න ගනේගොඩ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment