කටුනායක එයාර්පෝට් වැසිකිළියේ මහා පරිමාණ රන් බිස්‌කට්‌ ජාවාරම


රේගු නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ගුවන්තොටුපළේ වැසිකිළියක්‌ තම මූලස්‌ථානය කොට ගනිමින් ව්‍යාජ රන් බිස්‌කට්‌ ජාවාරමේ යෙදී රුපියල් කෝටි ගණන් ඉපැයූ බව කියන ගුවන්තොටුපළ කුලී රථ රියදුරකු ඔහු විසින් නිපද වූ ව්‍යාජ රන් බිස්‌කට්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ
ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු සමත් වූහ.

කටුනායක ගුවන්තොටුපළ තුළ රැඳෙමින් ව්‍යාජ ලෝහයෙන් තැනූ ව්‍යාජ රන් බිස්‌කට්‌ අලෙවි කිරීමේ සංවිධානාත්මක ජාවාරමක්‌ පිළිබඳව තොරතුරු එම ඒකකයේ සැරයන් (34064) එච්. එම්. ඩබ්ලිව් හේරත් මහතාට ලැබී ඇත. ඒ අනුව පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා විසින් මෙම ජාවාරම පිළිබඳව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ මහතා දැනුවත් කර ඇත.

මෙහි පැමිණිලිකරු වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි වෙද මහතෙකි. ඔහුට කාන්තාවක්‌ විසින්

පවසා ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ අඩු මිලට රන් බිස්‌කට්‌ රේගු නිලධාරියකු විසින් අලෙවි කරනු ලබන බවය. ඒ අනුව වෙද මහතා මෙම ජාවාරම පිළිබඳව මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයට දැනුම් දී ඇත.

පසුව පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා රන් බිස්‌කට්‌ මිලදී ගැනීමට පැමිණෙන අයකු ලෙස වෙස්‌වලා ගුවන්තොටුපළට ගොස්‌ ඇත. එහිදී පොලිස්‌ පරීක්‍ෂකවරයාට උපදෙස්‌ දී ඇත්තේ ගුවන්තොටුපළේ පිටවීමේ පර්යන්තයේ තිබෙන වැසිකිළියක්‌ තුළට යන ලෙසටය. ඉන් සුළු මොහොතකට පසු රේගු නිලධාරියකු ලෙස හැසිරුණු අයකු වැසිකිළිය තුළට පැමිණ ව්‍යාජ රන් බිස්‌කට්‌ එක ඉදිරිපත් කර ඔහුගේ ලක්‍ෂ 5 ක මුදල ඉල්ලා ඇත. පොලිස්‌ පරීක්‍ෂකවරයාට ව්‍යාජ රන් බිස්‌කට්‌ ලබාදී ඔහුගෙන් මුදල් (ලක්‍ෂ 5) ලබාගන්නා අවස්‌ථාවේ ව්‍යාජ රේගු නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ආණමඩුවේ පදිංචි මොහිදීන් මොහොමඩ් හුසේන් (52) නමැත්තෙකි. මෙම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශන අරඹා ඇත.

මෙම වැටලීම මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සම්පත් දිසානායක මහතා මෙහෙය විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment