එජාපෙ මන්ත්‍රීවරු මහින්දට 'සෙට්' වෙන්න අදිමදි කරන හේතුව?
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම 'යුක්ති සහගත' කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තුවේ බහුතර බලය මේ වන තෙක් සපුරා ගැනීමට පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා නොහැකිවී ඇත්තේ, බහුතරය ලබාගත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට මෛත්‍රී - මහින්ද ආණ්ඩුව ගෙන ඇති තීරණය බව ඒකාබද්ධයේ ප්‍රකාශකයකු පැවසිය.
හැකි තරම් ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් මුදා ගන්නා නව වැඩපිළිවෙළකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබාදීමට ඉඩ සැලසීම තමා සමඟ සිටින දේශපාලන පක්ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වන බව ජනාධිපතිවරයා විසින් පත් කල අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණ.
මන්ත්‍රී මිල කෝටි 25 සිට 30ට නගී!
මේ අතර ප්‍රධාන පක්ෂ දෙක අතර මන්ත්‍රින් මිලට ගැනීමේ උත්සාහයන් ක්‍රියාත්මක වන බවත් ඉන් එක් පාර්ශ්වයක් රුපියල් කෝටි 25ක් වූ ලංසු මුදල රුපියල් කෝටි 30ක් දක්වා ඉහළ දමා ඇති බවත් 'මව්බිම' පුවත්පත වාර්තා කරයි.
0 comments :
Post a Comment