ශ්‍රීලනිප කාරක සභාව කැඳවයි : සෙල්ෆෝන් තහනම්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව අද (08) පස්වරුවේ කැඳවා ඇති අතර එහිදී ඊට සහභාගිවන පුද්ගලයින් රැස්වීම ශාලාවට ජංගම දුරකථන ගෙන එමෙන් වළකින්නැයි SMS හරහා දැනුම් දීමක් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.30ට පමණ බත්තරමුල්ල "අපේ ගම" පරිශ්‍රයේදී මෙම රැස්වීම පැවැත්වේ.

මෙහිදී වත්මන් දේශපාලන තත්වය පිළිබඳව ද සාකච්ඡා කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මෙම හමුවේදී මෛත්‍රී - මහින්ද හවුල් ක්‍රියාකාරිත්වය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන්ට අත්වන ඉරණම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන් විමසා සිටීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සුදානමින් සිටින බව වාර්තාවේ.

එහිදී කිසියම් අර්බුදකාරී තත්වයක් මතුවුවහොත් වහාම පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා රැස්වීමට කැඳවීමට දැනටමත් කටයුතු යොදා ඇතැයි ද පැවසේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment