සිරිසේන ව්‍යවස්ථාව කඩලා : නීති ප්‍රවීණයන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී තහවුරු කරයි.


පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ජනාධිපතිවරයා නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පෙත්සම් විභාගය හෙට (13) දිනයට කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත.

ඒ  නීතිපතිවරයා වැඩිදුර කරුණු දැක්වීම සඳහා සිය සේවාදායකයා (ජනාධිපති සිරිසේන) ගේ උපදෙස් ගැනීමට අවශ්‍ය බව දැන්වූ නිසාය.

අද (12) දිනයේ පෙත්සම් 7 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් නීතිඥයන් කරුණු දැක්වූ අතර එහිදී ලංකා නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක හඬින් පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරවූ ආකාරය ව්‍යවස්ථා විරෝධී බවය.

ඒ අතර ජනාධිපති නීතිඥයින් වන ඉක්‍රම් මොහොමඩ්, ජී.අලගරත්නම්, ජේ.සී. වැලිඅමුණ, එම.ඒ. සුමන්තිරන්,කේ.කනගීස්වරන් , ජයම්පති වික්‍රමරත්න යන අය වූ අතර ජනාධිපති නීතිඥ ට්සාහ හිටපු නීතිපති තිලක් මාරපන ද එම පාර්ශවයට සහය දක්වමින් අදහස් දක්වනු ලැබිණ.

එසේම හෙජාස් හිස්බුල්ලා, විරාන් කොරයා, සුරේන් ප්‍රනාන්දු යන නීතිඥයින්ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවූ ආකාරය ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කරනු ලැබිණ.

මහින්දගේ නීති උපදේශක : ජී.එල්.පීරිස්ගේ කතාව !

කෙසේ වුවත් එපමණක් නොව ලංකා ව්‍යවස්ථා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් ලෙස සැළකෙන මහාචාර්ය ජී.එල්.පීරිස් 2015-04-27  පාර්ලිමේන්තුවේ පැවති විවාදයේද අදහස් දක්වමින් සඳහන්කර සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන්නේ වසර 4 1/2 කට පසුව බවය.

ඒ අනුව පෙනී යන්නේ ජනාධිපතිවරයා ගෙන ඇති තීන්දුව දැඩි අත්තනෝමතික පමණක් නොව ව්‍යවස්ථා විරෝධීද වන බවය. පවතින ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හරහා ඔහුට පාර්ලිමේන්තුව විසුරවීමට කිසිම ඉඩක් නැත. මේ වන විට අධිනීතිඥ ගෝමින් දයාසිරි ද සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ තීරණය ව්‍යවස්ථා විරෝධී බවය.

මේ හමුවේ ජේෂ්ඨ නීතිඥයකු වන ජයන්ත ජයසූරිය ද අසරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. එහෙත් ඔහු රජයේ නීති උපදේශකයාද බැවින් ඔහුට ජනාධිපතිගේ තීරණය වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇත. 


චොර සරත් හැර සිරිසේනට කවුරුත් නැත !

ඒ හැර මේ මොහොතේ ජනාධිපතිගේ ව්‍යවස්ථා විරෝධී කටයුත්ත සාධාරණීකරණය කරන්න සිටින්නේ ලංකා ඉතිහාසයේ සිටි අපකීර්තිමත්ම අගවිනිසුරුවරයා වන සරත් එන්. සිල්වා පමණය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment