සිරිපාදේ යද්දී සුද්දාගෙන් සොරාගත් අයිෆෝනය ජීපීඑස් මගින් සොයාදෙයි

ල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ඉකුත් (10) දා  ශ්‍රී පාදස්ථානය බලා සංචාරයක පැමිණි රුසියානු ජාතික තරුණයකුගේ අස්ථානගතවී තිබූ රුපියල් 1,20,000/- පමණ වටිනා නවීනතම අයිෆොන් වර්ගයේ ජංගම දුරකථනය, අස්ථානගතවී පැය කීපයක් ඇතුළත නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් විසින් සොයා දීමේ පුවතක් වාර්තා වේ.
රුසියාවේ, මොස්කව් නුවර පදිංචිව සිටින ඩිමිත්‍රි සෙරොව් (26) නැමති මෙම තරුණයා තම විදේශිය මිතුරන්
පිරිසක් සමග නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ඉකුත් (10) දා අළුයම ශ්‍රීපාදස්ථානය බලා ගමන් කරන අතරතුරදී ඔහුගේ ජංගම දුරකතනය අස්ථානගතවී ඇති බවට එදින උදෑසණ නල්ලතන්නිය පොලීසියට පැමිණිළි කර ඇත. එම පැමිණිල්ල  අනුව වහා ක්‍රියාත්මක වි ජීපීඑස් තාක්ෂණය උපයෝගී කර ගනිමින් කරන ලද

පරීක්ෂණයකින් අනතුරුව මස්කෙළිය, කැළණි වත්තේ, ගගේවත්ත කොටසේ පදිංචි පුද්ගලයෙකු සතුව තිබීයදී දුරකතනය අත්අඩංගුවට ගත් බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ජංගම දුරකතනය සන්තකයේ තබාගෙන සිටි සැකකරු ශ්‍රීපාදස්ථානය බලා පැමිණෙන විදේශිකයින්ට මග පෙන්නන්නෙක් ලෙස කටයුතු කරන අයෙකු බවත්, වෙනත් විදේශිකයින් පිරිසක් සමග ශ්‍රීපාදස්ථානය බලා ගොස් ආපසු පැමිණෙමින් සිටි අතර ශ්‍රීපාද මාර්ගයේ වැටී තිබීයදී දුරකතනය අසුලා  ගත් බවට සැකකරු පොලීසියට කියා සිටි බවත් පොලිස්ථානාධිපතිවරයා පැවසීය.
මෙම  ජංගම දුරකතනය රුසියානු ජාතිකයාට නල්තන්නිය පොලීසියේදී බාර දිමට පොලිස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත.
තම  ජංගම දුරකතනය අස්ථානගතවී පැය කීපයක් ඇතුළත නැවත දුරකතනය සොයා දීම සම්බන්ධව රුසියානු ජාතික ඩිමිත්‍රි සෙරොව් මහතා ශ්‍රීලංකා පොලීසියට හා තමන් ඇතුලු  නිලධාරීන් පිරිසට  ස්තූතිය පුද කළ බවත්, මෙවන් ක්‍රියාශීලි, වෘත්තීමය, අවංක පොලීසියක් ශ්‍රී ලංකාවේ පැවතීම සම්බන්ධව  දැඩි ප්‍රශංසාවක් පුදකරන බවත් පැවසු බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ලක්සිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.
නල්ලතන්නිය පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කමලේෂ්වරන්, පොලිස් කොස්තාපල්වරුන් වන රාජපක්ෂ  (76520) හා පො.කො.  රියදුරු රණසිංහ (15593)  යන නිලධාරීහූ මෙම වැටලිමට එක් වූහ.


(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment