ජනාධිපතිට ඕන විදිහට : පාර්ලිමේන්තුව විසුරවන්න බෑ - ජී.එල්.පීරිස් [Video]


ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බව තහවුරු කරමින් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නීතිඥ ජී.එල්.පීරිස් අදහස් දක්වා ඇත.

 2015 අප්‍රේල් 27 වනදා පාර්ලිමේන්තුවේ මෙම අදහස් දැක්වීම සිදුකළ අතර එහිදී ඔහු පැහැදිළිව සඳහන්කර සිටින්නේ 19 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණවීමත් සමඟ විධායක ජනාධිපතිවරයාට වසරක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරවීමට නොහැකි වන බවත් කවර තත්ත්වයක් යටතේ වුවත්  වසර 4 1/2ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරවීමට නොහැකි තත්ත්වයක් සිදුවන බව එහිදී පවසයි.

ඒ අනුව අර්බුදයක් හෝ ස්ථාවර ආණ්ඩුවක් නැති අවස්ථාවක පවා බලපවත්වන බවද ඔහු එදා පෙන්වා දෙනු ලැබිණ.

මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය සියළු දෙනා එදා පාර්ලිමේන්තුවේ පිළිගනු ලැබිණ.

පහත දැක්වෙන්නේ එයින් උපුටාගත් ප්‍රකාශයයි. 


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment