දෙවරක් පරාජය වූ මහින්දගෙන් මාධ්‍ය ආයතන වෙත බලපෑම් [Videos]


කුමන්ත්‍රණ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව අද (16) දිනයේත් සම්මත කළ විශ්වාසභංග යෝජනාවට අදාළ ජන්ද විමසීමට අදාළව කතානායක කරූ ජයසූරිය සිදුකළ ප්‍රකාශය විකාශය නොකරන ලෙස රාජපක්ෂ පාර්ශවය මාධ්‍ය ආයතන වෙත බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට විශ්වාසභංගය අවස්ථාවේ කතානායකවරයා ජන්ද විමසීමක් සිදුනොකළ බවත් එවැන්නක් සිදුනොවුණු බවට ජනමතයක් සැකසීමේ අපේක්ෂාවෙන් යුතුව මෙසේ බලපෑම් කරන්නට ගෙන ඇත.

ඒ අනුව වාර්තා වන්නේ මේ වන විටත් මාධ්‍ය ආයතන කිහිපයක්ම කතානායකවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ ජන්ද විමසීම සහ එහි තීන්දුව ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇතුළත් වීඩියෝ දර්ශනය විකාශය කිරීමේදී හඬ නොමැතිව විකාශය කිරීම සම්බන්ධව සාකච්ඡා කරමින් සිටින බවය.එසේම මේ වන විට මාධ්‍ය ආයතන කිහිපයක්ම අදාළ හඬ පටය ඇතුළත් වීඩියෝව සංස්කරණය කර ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වුවත් බල තණ්හාවෙන් වියරු වැටී සිටින පාර්ලිමේන්තු විශ්වාස භංගයෙන් දෙවරක් පරාජයවී සිටින රාජපක්ෂලාට අමතකව ඇත්තේ මෙම අවස්ථාව අද (16) සජීවීව රූපවාහිනී නාලිකා කිහිපයකම විකාශය වූ බවය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment