තියන බව කී 113 නැති බව ඩලස් පිළිගනියි.


සන්ධානයට පාර්ලිමේන්තුවේ 113ක මන්ත්‍රි ආසන නොමැති බව පිළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 101ක් බවත් බවත් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීමේදී අදහස් දක්විමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

"මහින්ද රාජපක්ෂට 113ක් නැති බව කථානායකතුමා කියනවා. අපිට 113ක් නැති බව අපි පිළිගන්නවා.  එජාපය 122ක්  අත්සන් කර ඇත්තේ, විපක්ෂ නායක සම්බන්ධන් මහතාගේ 15 හා අනුර කුමාරගේ 6 දෙනාද එකතුවයි. ඒ අනුව රනිල් මහත්තයට ඉන්නේ 101යි."

දෙමළ ජාතික සන්ධානය එජාපෙ ආණ්ඩුවකට සහය පළකරයි

කෙසේ නමුත්, ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව පසුගිය නොවැම්බර් 29 වන දා දෙමළ ජාතික සන්ධානය සිය මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමුකරන ලද ලිපියකිනි.

ජනාධිපතිවරයා නව අගමැතිවරයෙක් පත්කොට මාසයක් ගතවීමෙන් අනතුරුවත් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන බව සනාථ කිරීමට ඔහු සමත් වී නොමැති බව පෙන්වාදෙන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්, පසුගිය නොවැම්බර් 14 සහ 16 දෙදින සම්මත වූ විශ්වාස භංග යෝජනා අනුව රටට අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් නිර්මාණය වූ බව ද පෙන්වා දෙති.

අපිට 113 ක බහුතරේ ඉන්නවා : වාසුදේව

මේ අතර 08 වන දා මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ මහින්ඩ්ජ රාජපක්ශගේ නිවසේ පැවති සාකච්ඡාවක් අතරවාරයේ බහුතරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි.


ඒ අනුව එහිදි මන්ත්‍රීවරුන්ගේ ගණනය කිරිමක් කළ බවත් එවිට 113කට ආසන්න සංඛයාවක් සිටි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment