සිරිසේන ශ්‍රිලනිපයේත් ඒකාධිපති රංගනයක?


ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සකස්කර තිබෙන  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ තනි පෙරමුණක් යටතේ තරග කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අනුව කටයුතු කිරීමට සියළු ශ්‍රීලනිප ක්‍රියාකාරීන් සූදානම් විය යුතු බවත් ඊට එකඟ නොවන කිසිවෙකුට පක්ෂය තුළ රැඳෙන්න තමන් ඉඩනොදෙන බවත් සිරිසේන ජනාධිපති පවසා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති සිරිසේන මෙසේ ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවා තර්ජනය කර ඇත්තේ පසුගිය 07 වනදාය.

අදාළ ගිවිසුමට ළඟදීම අත්සන් තබන බවත්  එසේ සිදුකිරීමට අකමැති පාර්ශව සිටිනවා නම් තැන තැන කියවන්නේ නැතිව මෙතන පවසන ලෙසත් මෙහි සිටින සමහරු පසුගිය පක්ෂ නියෝජිත හමුව අවස්ථාවේ තමන්ට හූ කියවීමට සූදානමින් සිටිබවත් ඒ සම්බන්ධව සමස්ථ දේශපාලන මණ්ඩලයම වගකිව යුතු බව පවසමින් සිරිසේන ජනාධිපති එම දේශපාලන හමුව පුරාවටම එහි සිටි ශ්‍රීලනිප ක්‍රියාකාරීන් වෙත බැන වැදී ඇති බවත් දැනගන්නට ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රීලනිප ප්‍රබලයෙක් සඳහන්කර සිටියේ මෙතෙක් කලක් ජනාධිපතිවරයාව ආරක්ෂා කරගෙන රාජපක්ෂලාට පක්ෂ බලය ඇල්ලීමට නොදුන් පාර්ශවය ඉලක්කකර ජනාධිපතිවරයා දෙපිට කැපෙන වචන වලින් ඔවුන්ව නිග්‍රහ වන ආකාරයට අදහස් දැක්වූ බවයි.

එසේම එහිදී තමන්ගේ වචනය පිළිගන්නට අකමැති ය ඉන්නවා නම් ඒ ඕනෑම අයෙකුට පක්ෂයෙන් යාම ඇඟට ගුණ බවත් රාජපක්ෂලා නොව කිසිවෙකුටවත් ඉදිරියේදී තම වචනයට උඩින් යාමට ඉඩනොදෙන බවද සිරිසේන ජනාධිපති පැවසු බවත් ඔහු පැවසීය.

එසේම පක්ෂ අභ්‍යන්තරය තුළ මතුව තිබෙන අර්බුදය හමුවේ හිටපු ජනාධිපතිනිය වන  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පක්ෂයේ බලය අල්ලනු ඇති බවට ජනාධිපති බලවත් භීතියක පසුවන බවත් පසුගියදා පැවති දේශපාලන මණ්ඩල හමුවේදීද ඒ බව තහවුරු බව ශ්‍රීලනිප ප්‍රබලයා පැවසීය.

එහිදී චන්ද්‍රිකා පමණක් නොව සිරිමාවෝ මැතිණියගේ කීර්තිනාමයට පවා සිරිසේන ජනාධිපති අපහාස කල බවත් එහිදී මැතිණිය නුවර මස්කෙළිය ආසනයට අනුර පත්කළ ආකාරයට සහ අත්තනගල්ල චන්ද්‍රිකාට දුන් ආකාරයට  තමන්ද ආසන සංවිධායකවරුන් පත්කර ගෙන ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවන බව පැවසු බවද ශ්‍රීලනිප ප්‍රබලයා සඳහන්කර සිටියේය.

කෙසේ වුවත් එදින සිරිසේන ජනාධිපතිගේ මේ නොහික්මුණු හැසිරීම රැස්වසිටි මන්ත්‍රීවරුන්ගේ බලවත් අප්‍රසාදයට පාත්‍රවූ බව පැවසු ශ්‍රීලනිප ප්‍රබලයා සඳහන් කර සිටියේ මේ වන විට රාජපක්ෂගෙන් පසුව යළිත් පක්ෂ නායකත්වයටත් ඒකාධිපතියකු පැමිණ ඇති බවය.

එමෙන්ම මේ වන විට පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේදී පක්ෂය රැකගෙන සිටි කිසිවෙකුගේ අදහසකට සිරිසේන ජනාධිපති ඉඩනොතබන බවත්  පක්ෂයට හානිකළ රාජපක්ෂලා වෙත චෝදනා කිරීම වෙනුවට පක්ෂය රැකගත් පිරිසට සිදුකරන මේ අපහාස ජනක හැසිරීම පෙන්නුම් කරන්නේ මුවන් හේන පාළු කිරීමේ වාඩුව ගන්නට ගෙදර තිබෙන මුව හමට තඩිබාන නිවට ගමරාල බවද ඔහු පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment