අවුරුදු 4½ක් යන තුරු පාර්ලිමේන්තුව විසිරුවන්න බැහැ : ගම්මන්පිලගේ නීතීඥ මනෝහර ද සිල්වා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩුවක් පිහිටුවා එම ආණ්ඩුවට බහුතර මන්ත්‍රීන් ප්‍රමාණයක් බිලී බා ගැනීමට නොහැකි වූ තැන ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු එයට එරෙහිව මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතාවාසිකම් නඩුවක් විභාගයට ගෙන තිබේ.

ජනාධිපතිවරයාගේ මෙම විසිරුවා හැරීම නීත්‍යානුකූල යැයි සඳහන් කරමින් එම නඩුවට කරුණු ඉදිරිපත් කරන ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා මහතා විසින් ලියන ලද “බෙදුම්වාදීන් ගේ උපායමාර්ග හා ව්‍යවස්ථා සංශෝධන” නැමති ග්‍රන්තයේ මෙම 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සඳහන් වේ.

පාර්ලිමේන්තුව අවුරුදු 4½ ක් යන තුරු විසිරුවා හැරීමට නොහැකි වන පරිදි සකස් කර ඇති බව පැහැදිලිවම සිය පාඨකයන්ට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඔහු ඔහුම දන්නා එම කරුණට ප්‍රතිවිරුද්ධ අදහසක් වෙනුවෙන් එනම් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකි යැයි යන අදහස ඉදිරිපත් කරමින් අධිකරණයේ කරුණු දක්වා තිබේ.

කෙසේ නමුත් මෙම නඩුවේ දින හතරක දේශනවලින් පසු අවසන් දින පැවති දේශනයේදී ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා, මනෝහර ද සිල්වා මහතා විසින් රචිත අදාළ ග්‍රන්තය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට ඉදිරිපත් කරමින් මනෝහර ද සිල්වා මහතාද පිළිගෙන ඇති පරිදි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව අවුරුදු 4½ක් යන තුරු විසිරුවා හැරීමට නොහැකිබව සනාත කර ඇත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment