රනිල්ට එරෙහි පෙත්සමෙන් මෛත්‍රී යළිත් අසරණ වෙයි : චෝදනාවේ ඇත්ත නැත්ත මෙන්න.


රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරිමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත ගොනුකළ පෙත්සම මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන පුද්ගලයන්ගේ මූලිකත්වයෙන් සකසනු ලැබූවක් බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන්කර සිටින්නේ ජනාධිපති සිරිසේන සමාජය ඉදිරියේ හෑල්ලුවට ලක්නොවීමට සහ අධිකරණ පද්ධතිය ස්වාධීන නොවන බවට ව්‍යාජ මඩ  ප්‍රචාරයක් දියත් කිරීමේ අපේක්ෂාවෙන් මෙම පෙත්සම ගොනුකර ඇති බවය.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ඊට අදාළ ගැසට් පත්‍රයද දින වෙනස් කර මුද්‍රණය කර ඇති බව සඳහන් කරමින් නාඩගමක් දියත් කළේද මේ පිරිසමය. එදා ඒ නාඩගම විකාරයක් බවත් ගැසට් පත්‍ර මුද්‍රණය කිරීමේ පිළිවෙත කුමක්ද යන්න අප නිවැරදිව අනාවරණය කිරීමත් සමඟ මේ තුන්බාන "මීක්" නැතිවිය. ඒ ආකාරයටම මේ පෙත්සම් නාඩගම ගැනද අප සිදුකරන අනාවරණයද පහත පරිදිය.

අප වෙත ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව අදාළ පෙත්සම සකස් කර එය අභියාචනාධිකරණයට  භාරදීම සඳහා පළමුව යෝජනා වී ඇත්තේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකු විසින් කල යුත්තක් ලෙසය. නමුත් ශ්‍රීලනිපය නියෝජනය කිසිවෙකු එම කටයුත්ත භාරගෙන නැති අතර පසුව එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්ව නිදහස් සන්ධානයට එක්ව සිටින යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මිලා ගෝනවල ට එම කටයුත්ත පවරා තිබේ.

පෙත්සම ගොනුකිරීම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරලා !

මෙම පෙත්සම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අභියාචනාධිකරණයට භාරදීම සඳහා එකඟවී නැත්තේ එය අතිශය දුර්වල සහ හාස්‍ය ජනක නීති පදනමක සිට සකස්කර ඇත්තක් බව සඳහන් කරමින්ය. නමුත් පෙත්සම සැකසූ  නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජනාධිපති ජේෂ්ඨ උපදේශක සහ සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක, රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීත්වය දරන රජිත් කීර්ති සඳහන් කර ඇත්තේ මේ හරහා නියත වශයෙන්ම රනිල්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි බවය.

එහෙත් ඔවුන්ගේ ප්‍රකාශ හාස්‍යයෙන් යුතුව බැහැර කර ඇති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනා පවසා ඇත්තේ ඔතරම් ප්‍රබල පෙත්සමක් නම් කීර්තිගේ දුෂණ විරෝධී මධ්‍යස්ථානයෙන් එය භාරනොදෙන්නේ මන්දැයි විමසමින්ය.

පෙත්සමේ අපේක්ෂාව රනිල් සමඟ ඇති ද්වේශයයි !

මෙම පෙත්සම සම්බන්ධව අදහස් දක්වන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වෙත අගමැති නොකරන බවට ජනාධිපති සිදුකල ව්‍යවස්ථා විරෝධී ප්‍රකාශයට නීතිමය ආවරණයක් සැපයීමට ගනුලැබූ හිඟන උත්සාහයකට වඩා වැඩි දෙයක් මෙතැන නොමැති බවය. ඒ බව පෙත්සම් විභාගය අවසන් වනතුරු රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රීධුරය දැරීම අත්හිටුවීමට කරන යෝජනාවෙන් සනාථ වන බවද ඔවුන් පෙන්වා දෙයි.  ශර්මිලා ගෝනවල මහත්මියගේ නොදැනුම නිසා මිස මේ සම්බන්ධව යන්තම් හෝ දැනීමක් ඇති පාර්ශවයක් මෙවැනි විකාර සහගත පෙත්සමක් රැගෙන ගොස් තම කීර්තිනාමයට හානි කර නොගන්නා බවද ඔවුන්ගේ අදහසවී තිබේ.


පෙත්සමේ විස්තරේ !

ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ආයතන සමඟ කොන්ත්‍රාත්වලට එළැඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත්‍රී ධුර දැරීමට නුසුදුසු කමක් සේ අර්ථකථනය කර ඇති බව පෙත්සම්කාරිය සඳහන් කරයි.

වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ ලේක්හවුස් සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු බව තමන්ට දැනගැනීමට ලැබී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාරිය, ලංකා බැංකුව සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කරනු ලබන්නේ එම සමූහ ව්‍යාපාරය යටතේ පවතින ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් (Lake House Printers and Publishers)පුද්ගලික සමාගම මගින් බව ද පවසයි.

එබැවින් ලේක්හවුස් සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු වශයෙන් කටයුතු කරමින් ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ කොන්ත්‍රාත්වලට එළඹ ව්‍යාපාරික ගනුදෙනු සිදුකිරීම මගින් රනිල් වික්‍රමසිංහට මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කමක් උද්ගතව ඇතැයි පෙත්සම්කාරිය සිය පෙත්සමේ සඳහන් කරයි.

රාජිතට ලැබුණු තීන්දුව !

මේ අන්දමින් රජයේ ආයතන සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය ද මීට ඉහතදී අධිකරණය විසින් අහෝසි කර තිබෙන බව ඇය පෙන්වා දී තිබේ.

කොටස් හිමිකාරීත්වයේ සහ අධ්‍යක්ෂ ධුරයේ වෙනස නොදැනීම !

 මේ පෙත්සමේ ඇති පදනම් විරහිත දුර්වලතාව පෙන්වාදෙන නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සඳහන් කරන්නේ ලේක්හවුස් ආයතන රාජ්‍ය ආයනයක් ලෙස ක්‍රියාත්මක වන විජේවර්ධන පවුලේ කොටස් තිබෙන ආයතනයක් බවත්  එම විජේවර්ධන පවුලේ කොටස් හිමිකාරිත්වය වික්‍රමසිංහ මහතාගේ මව්පියන් සතුව තිබු කොටස් පසුව රනිල් වික්‍රමසිංහට පැවැරී ඇති බවය.

ඒ අනුව රනිල්  වික්‍රමසිංහ මෙම ආයතනය හා සම්බන්ධ වන්නේ කොටස් හිමිකරුවකු ලෙස පමණය. සමාගමක කොටස් හිමිකරුවන් ව්‍යාපාරික තීන්දු තීරණ ගැනීම හෝ වෙනත් ව්‍යාපාරික ගිවිසුම් සමඟ බැදීමක් නැත. ඒ අනුව වික්‍රමසිංහ මහතා රජයේ ආයතන සමඟ ව්‍යාපාර කටයුතු කිරීම සම්බන්ධ චෝදනා නැගීමට කොහෙත්ම ඉඩක් නැත. නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාව මෙම චෝදනාවට හසුකර ගන්න ලැබෙන්නේ  ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වී නම් පමණය.

ඒ බව තහවුරු කරමින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවත්  රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට එරෙහිව  අදාළ චෝදනාව මත පදනම්ව කටයුතු කල නොහැකි බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්න !

ඒ අනුව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ කිසියම් සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය හෝ එහි තීන්දු තීරණ ගැනීමට බලයක් නොමැති අයෙකු වන කොටස් හිමියකු පමණක්ම වීම මත රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට කිසිඳු චෝදනාවක් එල්ලවීමේ අවධානමක් මේ වගන්තිය අනුව නොමැති බවය.

රාජිතගේ සහ රනිල්ගේ වෙනස !

එසේම මීට පෙර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට අදාලව ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි කරන තීන්දුව ලැබුණේ ඔහු අදාළ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කල නිසා බවත්, කොටස් හිමියකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු අතර වෙනස මෙම පෙත්සම සැකසූ තුන්බාන සඟවන්න උත්සාහ කළත් අධිකරණ විනිසුරුවරුන්ට ඒ ගැන පැහැදිළි අවබෝධයක් ඇති බවද ඔවුන් සඳහන් කරයි.එසේම පරම්පරාවෙන් උරුමවූ සමාගමක කොටස් හිමිකාරීත්වයක් පැවැතීම මන්ත්‍රීධුරයක් ලැබීමේ අයිතිවාසිකම අහිමිවීමට හේතුවක් නම් ඒ හරහා අදාළ පුද්ගලයාගේ දේශපාලන අයිතියද අහිමි වන බවත් එවැනි තීන්දු කිසිවිටෙක අධිකරණයක් මඟින් ලබා නොදෙන බවද ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙම පෙත්සමේ දුර්වලත්වය සහ පදනම් විරහිත බව දැක්වීමට මුලික තර්ක තුනක් ඉදිරිපත්කර දක්වයි.

1. කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සමාගමක කොටස්කරුවෙකු (Shareholder) වීමට ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට/වරියෙකුට එහි රෙගුලාසි වලට අනුකූලව හැකි වුවත්,එහි අධ්‍යක්ෂක මණ්ඩල වල සමාජිකයෙකු විය නොහැක.

2 . ඒ අනුව බලන කල රනිල් වික්‍රමසිංහ සීමිත ලේක් හවුස් ප්‍රින්ටර්ස්  හා ප්‍රකාශකයන පොදු සමාගමේ කොටස්කරුවෙකු මිස අධ්‍යක්ෂකවරයෙකු නොවේ.

3 . තවද, කොටස් වෙළෙඳපොළ ලයිස්තුගත සමාගම් වල කොටස් හිමි ලංකාවේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයත් ඔහු පමණක්ද නොවේ.

ඒ අනුව ඉතා පැහැදිළිව මේ පෙත්සම පදනම් විරහිත පමණක් නොව ද්වේෂසහගත බවද පැහැදිළිය. අවම වශයෙන් මෙම චෝදනාව නැගිය යුතුව තිබුණේ ඔක්තෝබර් 26 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හරහා අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත්කරන විටය. එසේ වූවානම් සිරිසේන ජනාධිපතිගේ නොදන්නා කම නිසා හෝ කියා මේ හමුවේ රෙදි නොගැලවෙන්න ඉඩ තිබිණ. නමුත් දැන් පැහැදිළිව මෙතන ඇත්තේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය පළමුව පාර්ලිමේන්තුව හමුවේත්, අනතුරුව  අධිකරණ පද්ධතිය හමුවේ සහ සමස්ත ජන සමාජය හමුවේද පරාජය වෙමින් තිබීමේ වියරුව ප්‍රකාශ වීමක්ය.

රාජිතට ලැබුණු තීන්දුව !



[News Tube]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment