සිරිසේනගේ කුමන්ත්‍රණයෙන් ලොකු ලූණු ගොවියෝ කබලෙන් ලිපට.


ලොකු ලූණු වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය මධ්‍යම පළාතේ ගොවීන්ගෙන් මිලට ගත් බීජ කිලෝග්‍රෑම් දසදහසකට පමණ මේ වන තෙක් මුදල් ගෙවා නොමැති බවට තොරතුරු වාර්තා වේ.

ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් එකක් රුපියල් නවදහසකට තක්සේරු කර ඇත.

වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා කිලෝවකට රුපියල් හාරදහස් පන්සිය (4,500/-) වගාකරන ගොවීන්ට ගෙවීමටත් ඉතිරි 4,500/- කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගෙවීමටත් පොරොන්දු වී ඇත.

පසුගිය යල කන්නයේ මිලට ගත් එම බීජවලින් වගා කර අස්වැන්නද මේ වන විට නෙළා අවසන් වී ඇතත් මේ වන තෙක් බීජවලට අදාළ මුදල් ගෙවා නොමැත.

මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් ගොවීන් 1,700කට රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂයක් ගෙවීමට ඇත.

රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේදී කිහිප දෙනකුට අදාළ චෙක්පත් ලබාදී ඇති බව පැවසෙන අතර එයද ලබාදී ඇත්තේ අලෙවි කළ පුද්ගලයාට නොව මිලදී ගත් ගොවියාට බව වාර්තා වේ.

ඇතැම් ගොවීන්ට අලෙවි කළ බීජ ප්‍රමාණය වෙනුවට කිලෝග්‍රෑම් තුනහතරකට පමණක් මුදල් ලැබී ඇති බව ගොවීන් පවසයි.

කෙසේවුවද, මේ මුදල් යහ පාලන ආණ්ඩු සමයේදී නිදහස් කර ඇති අතර, රාජපක්ෂ මහතා පැමිණි වහාම ඒවා නතර කරන ලෙස අන ලබාදීමත්, ඒ ආන්ඩුවේ අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය අධිකරණය විසින් අත්හිටුවීමත් නිසා මේ ගැටලුව උඩුදුවා ඇති බවද මේ අතර වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment