පාර්ලිමේන්තුවේ හැසිරුණු විදිහ හරි ම පහත්! : ඉත්තෑපානේ හිමි මහින්දගේ මූණට ම කියයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට සහ රටේ වර්තමානය තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණියහ.

එහිදී නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ’‘අපි බොහොම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පිරිසක්... එහෙම රටක වැදගත්ම ස්ථානයක් වන පාර්ලිමේන්තුවේදී සිදු වූ ක්‍රියාකාරකම් අපිට කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒවා පහත් මට්ටමේ වැඩ කවුරු කළත්. ඒ නිසා පාර්ලිමේන්තුවේදී සිදු වූ දේවල්වලට සම්බන්ධ හැමදෙනාම ඊට වගකිව යුතුයි” යැයි නාහිමියෝ පැවසූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment