පොදු සතුරා UNPය කර පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානයක්!


ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සමඟ නිර්මාණය කරන්නා වූ නව සන්ධානයක් හරහා ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් , මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ඊයේ (07) පස්වරුවේ පැවැති ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

 ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ පස්වරුවේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදි ආරම්භ විය.

ඒ නිදහස් පක්ෂ සභාපති , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

රැස්වීමෙන් අනතුරුව ඊට සහභාගි වූ නිදහස් පක්ෂ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පල කළේය.

එහිදි මාධ්‍යවෙදියෙකු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තම පර්ශවයේ පොදු සතුරා බවයි.

එමෙන්ම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු අවස්ථාවකදි අභියෝගයක් නොවන බවත් එදිරියෙදි එම පක්ෂය සමඟ සන්ධානගතව කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment