බුලත්සිංහල ගොවින්න නිවසක යහන මතදී ගෙල කැපී සිටි මහලු කතගේ මරණය අබිරහසක්


රෝගීව සිටි වයෝවෘද්ධ කාන්තාවක බුලත්සිංහල ගෝවින්න ප්‍රදේශයේ නිවෙසක යහන මතදී ගෙල කැපී සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි බුලත්සිංහල පොලීසිය කියයි. ගෝවින කොබවක - කුකුළුවැල්ලවත්ත පදිංචිව සිටි මැගිලින් නෝනා නමැති (87) සිවු දරු මවක් මෙසේ මියගොස් ඇත. මෙම ලේ තැවරුණු පිහියක්
එම කාත්තාවගේ උකුළ අසලට වන්නට යහන මත තිබී හමුවූ බව පොලිසිය කියයි.

මෙම වයෝවෘද්ධ කාත්තාව ඇයගේ දියණියක හා වයස අවුරුදු 6ක් වන අවිවාහක මුනුපුරෙක් සමඟ මෙම නිවෙසේ පදිංචිව සිට තිබේ. සිද්ධිය වන දින දියණිය හෝ මුනුපුරා නිවෙසේ සිට නැතැයි ඔවුන්
පොලිසියට පවසා තිබේ.  දියණිය පේරේදා (25දා) දානමය පින්කමකට යෑමට උදේ 9.00ට පමණ නිවෙසින් පිටව ගොස් ඇත. යළි දහවල් දෙකට පමණ පැමිණ 'අම්මේ.. අම්මේ යැයි කතා කළද ප්‍රතිචාරයක් නොවූ බැවින් ජනේලයෙන් බලා ඇති අතර සිය මව ලේ ගලන තුවාල සහිතව නිදි යහනේ සිටි බව ඇය පොලීසියට ප්‍රකාශ කර තිබේ. බුලත්සිංහල පොලිසියේ වැඩබලන  ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක උපුල් සමින්ද මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙසට ගොස් කළ මූලීක පරීක්‍ෂණවලදී මරණය සැක යැයි අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම කාත්තාව සිය ගෙල කපා ගෙන සියදිවි හානි කර ගත්තේ නම් යහන මත සිටින ඉරියව් මෙයට වඩා වෙනස් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පොලිසිය කියයි. දකුණු අත වැලමිටෙන් උඩට ඉස්සී තිබුණද ගෙල කැපීමට ගත් පිහිය ඒ අසල නොතිබී උකුළ අසලට වන්නට තිබීම ගැන පොලිස් නිලධාරීන්ගේ දැඩි අවධානයට ලක් වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මියගිය වයෝවෘද්ධ කාන්තාවගේ අවිවාහක මුනුපුරා නිවස ආසන්නයේ කුඹුරට පොහොර ඉසිමින් සිටින අයුරු පොලිසියේ අවධානයට ලක්ව ඇතැයි පැවැසේ. කාන්තාව හැඳ සිටි ඇඳුම් පැලදුම් අවුල් සහගත අයුරීන් තිබී ඇතැයි පොලිසිය කියයි.

යම් පුද්ගලයකු ඇයගේ ගෙල කැපීමට පෙර ඇය දූෂණයට ලක් කළාද යන්න හා ඇය සියදිවි නසා ගත්තාද යන්න අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනාවරණය කර ගැනීමට හැකි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම කාන්තාව නිවස තුළ තබා ඇති භාජනවලට ශරීර අවශ්‍යතාවන් කරන්නියක් බවත් ඇය අත වාරුවෙන් නිවසේ ඇවිද ඇති බවත් පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත

-එම්.සී.පෙරේරා-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment