හැංගිමුත්තං කරන්න අඬගසා හත් හැවිරිදි දැරියට අතවර කළ ග‍්‍රාමආරක්ෂක බාප්පා අත්අඩංගුවට


අවුරුදු හතක් වයස දැරියකට බරපතළ ලිංගික අතවරයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයගේ බාප්පා කෙනෙකු
වන සිවිල් ආරක්ෂක භටයකු පෙරේදා (24)
සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ කතරගම කලාප කාර්යාලයට අනුයුක්තව සේවය කළ අංක 82385 දරණ සිවිල් ආරක්ෂක එස්.ජේ.ඇම් ඉන්දික චමින්ද (39) නැමති විවාහකකි.

හෙතෙම දැරිය හා දැරියගේ බාලවයස්කාර වැඩිමහල් සහෝදරයකු සමඟ හැංගිමුත්තන් සෙල්ලම් කැර ඇත. දැරිය අසල පිහිටි නිවැසියන් නොමැති නිවසකට කැඳවාගෙන ගොස් බරපතල ලෙස ලිංගික අතවර සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු ඊයේ (25) ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කැර ඇත.

සෙවනගල පොලිස් ස්ථානාධිපති යූ.ඇම්.අමරසිරි මහතා පරීක්ෂණ පවත්වයි.

 -රවිඳු ගුණතිලක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment