වසර ගණනක් සිහිසුන්ව රෝහලේ සිටි කාන්තාවක් දරුවකු බිහි කරලා

එක්සත් ජනපදයේ ඇරිසෝනාහි හෙසීන්ඩා සාත්තු නිවාසයේ අර්ධ සිහිසුන් තත්වයෙන් (vegetative state) 10 වසර ඉක්මවා නේච්චාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 29 වියැති කාන්තාවක් දරුවකු බිහි කර ඇත. දරුවා සහ මව
වෙනත් රෝහලකට යවා තිබේ.
මේ සඳහා වග කිව යුතු පුද්ගලයා සොයාගැනීම සඳහා රෝහල් කර්ය මණ්ඩලයට අයත් සියලු පුරුෂයන් DNA පක්ෂාවට ලක් කෙරෙනු ඇතැයි CNN පුවත් සේවය වාර්තා කළේය. DNA සාම්පල ලබාදීමට ස්වේඡාවෙන් ඉදිරිපත් නොවූ සේවකයන්ට, පරීක්ෂණ සඳහා සහයෝගය දැක්විය යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.

බොහෝ පිරිසක් පිරික්සිය යුතු නිසා පරීක්ෂණ නිම කිරීමට දිගු කලක් ගත වනු ඇතැයි පරීක්ෂණ භාර උසස් පොලිස් නිලධරයකු වන ටොමී තොම්ප්සන් පැවසීය. වින්දිත කාන්තාවගේ අනන්‍යතාව හෙළි කර නැති නමුත් ඇය සැන් කොලෝස් ඇපවේ පරම්පරාවට අයත් බව එම පෙළපතේ ප්‍රකාශකයකු පවසා ඇත. සිය රෝගී දියණිය කෙරෙහි සාත්තු නිවාසය දක්වා ඇති නොසැලකිල්ල හා එහි සේවකයකු අසරණ ඇය ගොදුරු කර ගැනීම ගැන මවුපියන් මහත් කම්පාවට පත් වී සිටින බව ඇගේ පවුලේ නීතිඥ ජෝන් මිෂෙල් පවසයි.

කෙසේ වුවත් ළදරුවා ලැබී ඇත්තේ මානව දයාව හදුනන පවුලකට බවත්, ඔහු හොදින් රැකබලාගනු ඇති බවත් ජෝන් මිෂෙල් වාර්තාකරුවන්ට පවසා ඇත. මේ අතර එම සෞඛ්‍ය සේවා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි බිල් ටීමොන්ස් සඳුදා සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget