අහිමි වූ ණය වාරිකය ගන්න මංගල ඇමෙරිකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදීමට නියමිතව තිබියදී නතර කරන ලද ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු පිරිස හෙට (11දා)
ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානය වෙත යෑමට නියමිතය. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂ්ටීන් ලගාර්දේ, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ මිට්සුහිරෝ ෆුරුසවා ඇතුළු
පිරිසක් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස බලාපොරොත්තු වෙයි. මංගල සමරවීර මහතා සමඟ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක්ද එක් වෙති.

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ අග භාගයේදී ඇති වූ දේශපාලන ව්‍යාකූලතාව මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊට පෙර ලබා දීමට එකඟ වී තිබූ ණය වාරිකය ගෙවීම නතර කොට තිබිණි. ආණ්ඩුව පත් වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සම්බන්ධවද එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.


-දෙනගම ධම්මික රණවීර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget