වසර 03ක සිට අතුරුදන් පුද්ගලයාගේ ත්‍රී රෝද රථය නාදුනන පුද්ගලයෙක් එළවයි

වැල්ලව තුරුලියගම පදිංචිව සිටි ජී.උපුල් ජයකොඩි රූපසිංහ නමැති 39 හැවිරිදි දෙදරු පියා ඔහුගේ තී‍්‍රරෝද රියත් සමග 2016 මාර්තු 29 වැනිදා සිට ආගිය අතක් නැති බවට පැමිණිලි කර ඇත.

 ඔහු කඩුවෙල ප‍්‍රදේශයේ පෙදරේරුවකු වශයෙන් කටයුතු කළ බවත් තී‍්‍රරෝද රියෙන් වැඩට ගිය ඔහු පිළිබඳ 2016 මාර්තු 29 වැනිදා සිට කිසිඳු තොරතුරක් නැති බවත් ඔහුගේ විවාහක බිරිඳ වන වැල්ලව එස්.පී. මේනකා රෝහිණී ජයලත් යන නමැත්තිය පවසයි.

අතුරුදහන් තම සැමියා පිළිබඳව එදින සිට සොයා බලන බවත් ඔහුගේ ත‍්‍රීරෝද රිය ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ පුද්ගලයකු පාවිච්චි කරන බවත් ඔහු පොලිසියට ගෙන්වා ප‍්‍රශ්න කිරීමේදී තී‍්‍රරෝද රියේ හිමිකම් පෙන්වූ බවත් සැමියා ඔහුට එය විකුණූ බව ඔහු පැවසූ බවත් ඇය පවසයි.

එහෙත් තම සැමියාට කුමක් වූයේ දැයි මේ දක්වා සොයා ගැනීමට බැරිවූ බවත් සැමියාට අනතුරක් කර තී‍්‍රරෝද රිය පැහැර ගැනීමට ඇති බවට සැක කරන බවත් ඇඟලූම් සේවිකාවක වන මේනකා රෝහිණි කියා සිටියි.

ශිෂ්‍යත්වය සමත්ව නගරයේ පාසලකට යන දරුවකු සමග 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු ද ඇඟලූම් රැකියාවෙන් නඩත්තු කිරීමට නොහැකිව ලතවන තමාට සැමියා සොයා දෙන ලෙස ඇය බලධාරීන්ට ආයාචනය කරයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment