අලුත්වැඩියාවට දුන් ලංගම බස් 143ක් අතුරුදන්

අලුත්වැඩියා කටයුතු සඳහා wesco සමාගමට ලබාදී තියෙන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 143ක් අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පාර්ලිමේන්තුවේ
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (කෝප් කමිටු) වාර්තාවෙන්
මේ කරුණු අනාවරණය වී ඇත.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 143ක් අලුත්වැඩියාව සඳහා wesco සමාගමට ලබාදී ඇති බව නිරීක්ෂණය වන නිසා මේ බස් රථවලට කුමක් සිදුවී තිබෙනවාද යන්න කෝප් කමිටුව විසින් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයෙන් විමසන ලදී.
මේ බස්රථ නැවත නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් wesco ආයතනයට එරෙහිව නඩුවක් පවරා ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මෙම බස් රථ wesco සමාගමට ලබාදී ඇති කාලවකවානුවද ඇතුළුව මේ සම්බන්ධයෙන් කාරක සභාවට වාර්තාවක් එවන ලෙස කෝප් කමිටුව මඟින් ලංකා ගමනාගමන මණ්ඩලයට දැනුම් දී තිබේ. 2017 වසරේ අගෝස්තු 8 සහ සැප්තැම්බර් 8 යන දිනවල ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සහ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුව කැඳවා ඇත.

-ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment