තණමල්විල පාතාල වෙඩි තැබීමකින් සුදු හකුරු සුමිත් මිය යයි

තණමල්විල ප්‍රදේශයේ අද (10) පස්වරු 12.20ට පමණ සිදු වු පාතාල වෙඩි තැබීමකින් එක් අයෙක් මිය ගොස් තිබේ. යතුරුපැදි 2කින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව වාර්තා  විය.

මිය ගොස් ඇත්තේ 42
හැවිරිදි  සුදු හකුරු සුමිත් හෙවත් වසන්ත යන අය බව හඳුනාගෙන ඇත.
ඔහු සමඟ සිටි තවත් අවුරුදු 22ක් වයසැති තරුණයෙක් වෙඩි වැදි හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස වෙඩි වැදී මිය ගොස් ඇති සුදුහකුරු සුමිත් මාස 4කට පෙර ඝාතන සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු  බවද පොලීසිය පවසයි.
හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයාගේ තත්වය බරපතල තබවද වාර්තා විය.
පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක් නිසා මෙම ඝාතනය සිදුව ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment