අල්ලස් ගත් මධ්‍ය මහා විද්‍යාල විදුහල්පති අත්අඩංගුවට


හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ
උදෑසන රුපියල් 5,000 ක
අල්ලස් මුදලක් ලබා ගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

විදුහල්පතිවරයා විසින් එම විදුහලේ 6 වැනි ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා අල්ලස් ලබා ගත් බවට අල්ලස් කොමිසම විසින් චෝදනා කර ඇත. මෙම සිසුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවත් පසුව එය 5000ට අඩු කර ඇති බවටත් චෝදනා ලැබ තිබිණි.

විදුහල්පතිවරයා හොරොව්පතාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment