බවුන්සරයෙන් බිම වැටුනු දිමුත් ට ප්‍රශ්නයක් නෑ - හෙට බැට් කරනවා



ඔස්ට්‍රේලියාව සමග අද (02) පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බුවන්සර් පන්දුවක් වැදීම නිසා ඇදවැටී අනතුරකට ලක්ව රෝහල්ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක්‍රීඩක දිමුත් කරුණාරත්න මූලික ප‍්‍රතිකාරවලින් පසු
රෝහලෙන් නිදහස් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න මෙම අනතුරට ලක්වූයේ පන්දුවට පහර දෙමින් සිටියදී පැට් කමින්ස් එවූ බවුන්සර් පන්දුවක් ගෙල පිටුපස වැදීමෙනි.

මෙම අනතුරත් සමග දිමුත් කරුණාරත්න බිම වැතුරුණු අතර මිනිත්තු 30කට ආසන්න කාලයක් ඔහු එලෙස බිම වැතිරී සිටියා. වෛද්‍ය පරීක්ෂා කිරීම් වලින් පසු දිමුත් කරුණාරත්න ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන ගියේ ගිලන් රථයකිනි. ප‍්‍රතිකාර සඳහා ඔහු කැන්බරා රෝහලට ඇතුළත් කර තිබුණි. දැනට විවේක ගනිමින් සිටින ඔහුට හෙට තරගයට සහභාගීවීමට හැකි බව වෛද්‍යවරුන් දන්වා ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment