සේද මාවතේ රටවල කීර්තිමත් තානාපතිවරිය ශ්‍රී ලංකාවේ : ශානි.


සේද මාවතේ රටවල කීර්තිමත් තානාපතිවරයාට හිමි සම්මානය චීනයේ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ශානි කරුණාරත්න මහත්මිය හිමිකර ගනී. 

මෙම සම්මාන උළෙල පසුගියදා චීනයේ බෙයිජිං නුවරදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණ. 

මේ සදහා විවිධ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්නිර්දේශ වු අතර එම නිර්දේශිත නාමයන් මහජන ඡන්දය සදහා යොමු කෙරිණ. ඉන් අනතුරුව ඇගයීම් කමිටුවක් මගින් විෂය පරිබාහිර කටයුතු වෙනුවෙන් දැක්වු දායකත්වය සැලකිල්ලට ගෙන අවසන් වටයට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 5 දෙනෙකුගේ නම් නිර්දේශ කෙරිණ. 

අනෙකුත් තානාපතිවරුන් ලෙස චීනයේ පාකිස්ථාන තානාපති මෂුඩ් ඛලීඩ්, මෝල්ටා තානාපති ජෝන් ඇක්කුලිනා, මාලදිවයින් තානාපති මොහොමඩ් ෆයිසාල් සහ බොස්නියා හර්සගෝවේනියා තානාපති ඇන්ටන් රිල් යන මහත්වරුන් තේරීපත් විය. නිර්දේශ වු පස් දෙනාගෙන් සිව් දෙනෙක් තානාපතිවරුන් වන අතර ශානි කරුණාරත්න මහත්මිය පමණක් නියෝජ්‍ය තානාපති තනතුර දරමින් මෙම සම්මානය ලැබීම ද විශේෂත්වයකි. 

ශානි කරුණාරත්න මහත්මිය චීන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීක සබඳතා යටතේ චීනයේ පැවති එක් තීරයක් එක් මාවතක් වැඩසටහන්  25ට අධික සංඛ්‍යාවකට සහභාගී වී ඇත. වසර 23 ක කාලයක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක ලෙස කටයුතු කර ඇති ඇය එක් තීරයක් එක් මාවතක් වැඩසටහන්වල ප්‍රධාන දේශන රැසක් පවත්වා තිබේ. 

බෙයිජිං පොදු රාජ්‍ය මණ්ඩල සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ද ඇය කටයුතු කර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති (M.A) උපාධියත් ලබා ඇති ඇය දැනට දර්ශනශූරි (PhD) උපාධිය හදාරමින් සිටි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment