![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2w0qACqqC0pYZ1AeYbL_ESszk-rewjJz1l6WpYKipLEQ_V6j7Nwa82cIYdSOenuHlUFegqNsAY8uEF0U280MsUp1HQTYm3-u3QKgUhPc3_r4Le9hQ0Kmvv20efVdilVVCaizJik25Wfo/s1600/700101gossiplanka.jpg)
මාකඳුරේ මදුෂ් පිරිස් යොදවා පන්දනිපිටියේදී කොල්ල කන ලද බව පැවසුණ ඔහුගේ ගෝලයා කැවුමා ළඟ තිබී හමුවූ කෝටි 500 ක් වටිනා බව කියන දියමන්තිය එතරම් වටිනාකම් ඇති දියමන්තියක් නොවන බව
ඒ ගැන පරීක්ෂා කරමින් සිටින මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් කමිටුව වාර්තා කර තිබේ.
වෙනත් පාෂාණ විශේෂයක් වන බවට වාර්තාවක් ලබාදී ඇති බවයි. හෙය පරීක්ෂා කලේ දියමන්ති සම්බන්දයෙන් සෝදිසි කිරීම ප්‍රගුණ කර ඇති දක්ෂතම නිලධාරීන් තිදෙනෙකු බවත් ඔවුන්ගේ නිගමනය පිළිගැනීමට සිදුවන බවයි.ඒ අනුව එය නිකමංම ගලක් වනු ඇතැයි පැවසේ.
නමුත් දියමන්තියේ හිමිකරු එය පිළිගැනීමට කැමතිවී නැත. ඔහු පවසා ඇත්තේ තමා පසුගිය කාලයේ මේ ගැන විවිධ තැන් කිහිපයකින් පරීක්සා කර ඇති බවත් දියමන්තියක් නොවන බවට කිසිවෙකු නොකී බවත්ය.
කෝටි 500ක් පමණ වටිනා බව කියූ මෙම දියමන්තිය විදෙස් රටක සේවය කරමින් සිටියදී හෝටලයක පස් ගොඩක් මත තිබී හමුවීමෙන් පසු ලංකාවට ගෙන ආ බව එහි හිමිකරු ප්‍රකාශ කර තිබුණි.කොල්ලය සිදුවූ නිසා දියමන්තිය නඩු භාණ්ඩයක් ලෙස තවම රජය සන්තකයේ පවතී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWzFOfskQgArt-ZIOXmlZQKIuLfjdXWB-33rFKmmakQNPoZ_RPUZ5NXjSfnS6itYlj1Wjn5F4Kd-eJz4ItXatZdxaKbyaiedqaMeA7tlG8WynHXkY7Ixa6NgSor8CEsqs5FbGci4cyjI8/s1600/70010gossiplanka.png)
0 comments :
Post a Comment