මධ්‍යම අධිවේගය ඉදිකිරීම් සඳහා ඩොලර් මිලියන 989ක ණයක්!
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස ඉදිකිරීම සඳහා චීන එක්සිම් බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 989ක ණය ලබාදී ඇතැයි වාර්තා වේ.
මෙම මුදල චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් විශාලතම ණය මුදල වන අතර එමගින් සම්පූර්ණ ව්‍යාපෘතියෙන් 85%ක කොටසක් සම්පූර්ණ කිරීමට සැළසුම් කර ඇත.
ව්‍යාපෘතිය සඳහා වැයවන සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1164කි.
මධ්‍යම අධවේගී මාර්ගයේ දෙවැනි කොටසේ ඉදිකිරීම් දේශීය වාණිජ බැංකුවල මූල්‍යාධාර යටතේ මේ වනවිට ආරම්භ කර ඇති බවත් ව්‍යාපෘතිය කඩිනමින් සිදුකිරීමට චීනයෙන් ලබාගන්නා ණය මුදල හේතු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා සහ ශ්‍රි ලංකාවේ චීන තානාපති චෙන් ෂු යුවන් මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ දී ඊට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගය පිටත වට රවුම් අධිවේගී මාර්ගයට සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීම සඳහා වන අතුරු මාර්ග ඉදිකිරීම සහ ගුවන් තොටුපල වාණිජ නගර යනාදීයට සම්බන්ධ කිරීම සඳහා වන ඉදිකිරීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසා සිටියි.
0 comments :
Post a Comment