යසන්ත කෝදාගොඩ: අභියාචනාධිකරණයේ නව සභාපති විනිසුරු ලෙස.


අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති සිරිසේන විසින් ඔහුව යෝජනා කර ඇති අතර ඊට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී ඇත්තේ ඒ අනුවය.

කෙසේවෙතත් මීට පෙර ජනාධිපති සිරිසේන විසින් දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ නම අවස්ථා කිහිපයක දී යෝජනා කෙරිණ. එහෙත් ඊට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවූයේ නැත.

ඒ හේතුවෙන් ජනාධිපති සිරිසේන සහ ව්‍යවස්ථා සභාව අතර දැඩි ආතති සහගත තත්ත්වයක් ඇති විය. අනතුරුව තවත් නම් කිහිපයක් ද ජනාධිපති සිරිසේන අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධූරය සදහා නම් කල අතර ඒ අතුරින් යසන්ත කෝදාගොඩ නම ව්‍යවස්ථා සභාව පිළිගෙන තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment