එහි තිබී රුපියල් කෝටි 205 කට ආසන්න වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමඟ අවි ආයුධ ඇතුළු තවත් උපකරණ රැසක් සොයාගෙන තිබේ.
මෙම හෙරොයින් ගබඩාව මොරටුව රාවතාවත්ත ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත.
ගබඩාවේ සිටි මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධාන ගෝලයන් යයි සැකතකරන යුවළකද අත්අඩංගුවට ගෙන තිබේ.
ගබඩාවේ තිබී ජීව උණ්ඩ පෙට්ටි 4 ක්, ටී56 ගිනි අවි උණ්ඩ 2500 ක්, විදේශ රටක නිෂ්පාදිත මයිකෝ පිස්තෝලයක් ඊට අදාළ උණ්ඩ තොගයක් හමු වී තිබේ.
මේ අතර මාකඳුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍යය වීඩියෝ කළ දර්ශන ඇතුළත් සීඩී තැටියක්ද මේ සමග තිබී ඇත.
කැලූම් ඉන්දික නමැත්තා රුපියල් කෝටි 500 දියමන්තිය කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට ඔහු බන්ධනාගාරගත කර සිටියි.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් යුවළ සම්බන්ධයෙන්, ඉදිරි විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇත්තේ මසකට රුපියල් 25000 ක කුලී නිවාස පදනම යටතේය. දෙමහල් නිවසේ පහළ මාලය පමණක් ඔවුන් ලබාගෙන තිබූ බවද වාර්තා විය.පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකාර යුවළගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන සඳහා යොමු කළ බවයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb9zKUiJiGxQ_e19DulbiZm1E3Ca381mPpsjHLew6cXRdMT2EslEbjWsuVZze40UNw3mzIgoraplwzlLnXUHE5xrKKDq3Jg_LamSCXwG_jpvJ9piRj53BqZo7AjiemAjwiDf0E_kEhu3g/s1600/gossiplanka_2019-03-12-2106.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgNpj7vg0-a4VXGwItb45cpXFo3MZ0UOLEy1zLA-xa0ga6IRHs9qWAAXPwSsriWnTuf90Q4T9WxW0FWN1ep2IhynP0o-FcgpTEmJm2lJO1PZ3lWMhjqk6Naxjd2lwYk8RLvyZKGqGgLE4Q/s1600/moratuwa01gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiPWXzDlT8XnhokBMGKkBCHc51Fo5uTJxb0wLjKWBbqcjhjrUq_vzGDK9Pmpy1poI3DyTD3IqJLHsZyZ4NegNIMoZrK4YkjacX4IgaBZa32Lz5DxotXLtiqMN1-dTfLajy3nyEwMfMPftY/s1600/moratuwa02gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdXsW_felaDfeVVtipwwMoT_WNDVBPR6wuSe_GC7ySzLesKZT7qhHe-8RbFxZ0ca5NzkHjYV89b6UgtIN6gH4yh8v4_9znZ_u106JeSD5IbbMjOwaOSNyFnJFAL-0FvHFsbzr8hVlJ41c/s1600/moratuwa03gossiplanka.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIpNi0haGs1mNR9n8iX_K2w_UKkRVa5fZpXq8NoDMkX2YXNN-Oeb7bDZlG8nJEOCDLOiW4pVkala7NOCOdWP-XjyzcjS7suypuBAtH7rIDdE2UfI0Jc_4cGKEz17YuOJf9GXgyli2PjD8/s1600/moratuwa04gossiplanka.jpg)
0 comments :
Post a Comment