උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය ගැන අගමැති කියයි.
රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බවත්, රුහුණු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් විශේෂ නීති සැකසීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (24) දින හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමෙන් පසු උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසූයේ එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බවයි.
සුදු අලි බවට පත්ව තිබූ ව්‍යාපෘති ගණනාවක් යහපාලන රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා පෙරහැරේ යන අලි බවට පත් වී ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
එම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, මුදල් අමාත්‍ය මංගල සමරවීර, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයාගමගේ, අධිකරණ හා බන්ධාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, කර්මාන්ත හා වණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, ධීවර හා ජලජ සම්ත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලාහ් මහරූෆ්, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ.කේ. පියදාස, විජිත් විජිතමුණි සොයිසා, ඕමාන් රජයේ තෙල් හා ගෑස් පිළිබඳ අමාත්‍ය ආචාර්ය මොහොමඩ් බින් හමාඩ් අල් රුම්හී (Dr Mohammed bin Hamad Al Rumhy), ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් (Chang Xueyuan) යන මහත්ම මහත්මීන් ප්රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.
0 comments :
Post a Comment