වැලිගම: එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවයට, රාජපක්ෂ පිල්ලියක්. [Video]


[News Tube]

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාවට සමීප කරවීමේ අරමුණෙන් ක්‍රියාත්මක ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට‘ ජංගම සේවාව ඊයේ (23) මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන් වැලිගම නගර ශාලා පරිශ්‍රයේ දී ආරම්භ වූ අතර ඒ අසාර්ථක කිරීම වෙනුවෙන් දියත්කල නින්දිත උත්සාහයක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

මෙම උත්සාහය දියත් කර තිබුණේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවාව පැවැත්වෙන පරිශ්‍රයට භික්ෂුන්වහන්සේ කිහිපනමක් ඇතුළු ප්‍රදේශයේ ආගමික සංවිධාන නියෝජිතයන් යැයි කියාගත් පිරිසක් එවීම හරහාය.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවයට කඩාවැදුණු කල්ලියක් !

එහිදී ඔවුන් පැමිණ සංවිධායක මණ්ඩලය සමඟ අර්බුදයක් ඇතිකර ගන්නට උත්සාහගෙන තිබුණේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය හරහා මත්පැන් බලපත්‍ර (බියර් සහ වයින් බලපත්‍ර ) බෙදාදීමක් සිදුවන බව සහ ඒ ගැන තමන්ට පැමිණිලි ලැබී ඇති බව පවසමින්ය. එම කටයුත්තට තමන් විරුද්ධ බවත්, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට එවැනි කටයුතු අනවශ්‍ය අතර ඒ වෙනුවෙන් කලයුතු වෙනත් දේ ඕන තරම් තිබෙන බව සඳහන් කරමින් මේ පිරිස එම ස්ථානයේ සිදුවන කටයුත්ත කඩාකප්පල් කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබෙන බවත් වාර්තා වෙයි

වඩාත් හාස්‍ය දනවන කරුණ වී ඇත්තේ තමන් එල්ල කරන චෝදනාවට අදාලව කිසිඳු සාක්ෂියක් නොමැතිව මේ පිරිස පැමිණ අභූත චෝදනා නැගීමය.

රාජපක්ෂ පිල්ලියක් !

බැලු බැල්මට කිසිඳු සොයා බැලීමක් තබා එන්ටප්‍රයිස් එක්දින සේවයේ වූ ජාතික වැදගත්කම, විශේෂයෙන් සංචාරක පාරාදීසයක් බඳු වැලිගම තරුණ ප්‍රජාව ඇතුළු ව්‍යවසායකත්ව සිහිනයක් ඇතත් ඒ ඉටු කරගන්නට ප්‍රාග්ධන හැකියාවෙන් පීඩිතවූ ප්‍රජාවට අත්වන සේවය ගැන තැකීමක් ඔවුන්ට තිබුණේ නැත.

දිරියෙන් දිවිය ජයගන්නට අපේක්ෂාවෙන් අනාගතයේ තමාගේම කියා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේ සහ සාර්ථක ව්‍යාපාරිකයකුවී දිවිය ජයගන්නට අපේක්ෂාවෙන් ඒ බිමට පැමිණ සිටි මිනිසුන්ගේ අපේක්ශාභරිත දිලිසෙන ඇස් ඔවුන්ට වැදගත් වූයේ නැත.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අසාර්ථක කර එයත් ජාතිය ආගම නසන කටයුත්තක් බවට වන සුපුරුදු ජාතිවාදී මිත්‍යාව වැපිරීම ඔවුන් ගෙන සිටි කොන්ත්‍රාත්තුව බව ඉතාම පැහැදිළි වූ අතර ඔවුන් දිගින් දිගටම උත්සාහ දැරුවේ ඒ පව්කාර කොන්ත්‍රාත්තුව සාර්ථක කර ගැනීමය. කෙසේ හෝ වැඩේ කඩාකප්පල් කිරීමය.

වහල් බැමි කඩනවාට වහල් හිමියන් බියවීම සාධාරණයි !

බෙලි ගෙඩිය නිසා මුළු කැලයම කලබලයට පත්කළ මෝඩ හාවා මෙන් පැමිණි මේ කිහිපදෙනා දැක්වූ හැසිරීම ඊට වඩා දෙයක් පෙන්වුයේම නැත. සෑම මැතිවරණයකදීම ඊනියා මැතිවරණ පොරොන්දු දෙමින් තරුණ ප්‍රජාව ඇතුළත් මෙරට ශ්‍රම බලකායේ හොඳම කොටස තම කඳවුරේ වහලුන් බවට තබා ගැනීමේ හැකියාව එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා නිසා අහිමි වන බව ජාතිවාදී දේශපාලනයෙන් ගොඩයන්න කුරුමානම් අල්ලන මැදමුලන පවුල ඇතුළු පසුගාමී දේශපාලන ව්‍යාපාරයන් දනී. ගම්පෙරළිය කඩිනම් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියට අදාලවද කතාව එහෙමය.

තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගෙන සාර්ථක ව්‍යවසායන් බිහිවීම කියන්නෙම, බෝක්කුව - පාර - කුඩා වැව මෙන්ම ගමේ යටිතල පහසුකම් සංවර්ධනය කල විට ජනතාව අන්දන දේශපාලනය අවසන් ගමන් යාම වැළක්විය නොහැක. කවුරුත් ඊට මොකුත් කල යුතු නැත. මේ ව්‍යාපෘති වල සාර්ථකවීම කියන්නේම ඒ වහල් දේශපාලන බැමි පුපුරා එහි මළගම සනිටුහන් වීමය.

 නමුත් සැබෑ ඉත්තන් හැංගී හුන්ගන් කරළියට එවා මේ අංචි අදින්නේ ඒ නිසාය. එහෙත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවයට අංචි අදින්න පැමිණි වහල් කල්ලි නොදැන සිටියේ එය වචනයේ පරිසමාප්තයෙන්ම වැඩක් මිස මාධ්‍ය සංදර්ශනයක් නොවූ බවය.

මත්පැන් බලපත්‍ර දීමක් ගැන බොරු චෝදනාවක් ඉදිරියේ තබා සිංහ සෙයියාවෙන් වැඩේ බකල් කරන්න ගියත් අවසානයේ චෝදනා කළවුන් ඒ බිමේ ඇති සුනඛ වසුරු හොයන්න පැමිණි පිරිසක් බවට පත්වුයේද ඒ නිසාය.

වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල් කරුණු දක්වයි !

ඉතා පැහැදිළිව මත්පැන් බලපත්‍ර බෙදීමක් ගැන වූ බොරු චෝදනාවට එහිදී පිළිතුරු දුන්නේ වැඩබලන සුරාබදු කොමසාරිස් ය. ඔහු පෙන්වා දුන්නේ තමන් පැමිණියේ වැලිගම සංචාරක පුරයක් වීම සහ ඒ ආශ්‍රිත රැකියා සහ ව්‍යාපාර සිදුකරන ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ලබාදීමට බවය. ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට නොහැකිව ඔවුන් හිරවී සිටින ප්‍රශ්න වලට අවශ්‍ය මග පෙන්වීම ලබාදෙන්නට බවය. ඒ හැර ආවාට ගියාට සුරාබදු බලපත්‍ර ලබානොදෙන බවත් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය. එපමණක් නොව කවුරු වුවත් බලපත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් වන අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත්නම් අවශ්‍ය බලපත්‍රය නිකුත් කරන්නට තම දෙපාර්තමේන්තුව බැඳී සිටින බවට ඔහු පෙන්වා දුන්නේය.

බොරු සිංහයන්ගේ සුනඛ කෙඳිරි !

බොරු සිංහ ගෙරවිලි බලු කෙඳිරි වුයේද ඒ පිළිතුර සමඟය. මෙහිදී අපට කණගාටු කරුණ වන්නේ පවිටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්නට සම්බුද්ධ චීවරය කුළියට දෙන තැනට අද රට පත්වීම ගැන මිස අන් යමක් ගැන නොවේය. අප එසේ කියන්නේ වැලිගම ප්‍රාදේශීය දේශපාලන නායකත්වයෙන් සහ පරිපාලන නිලධාරීන් වෙතින් තහවුරු කරගත් සාක්ෂි ඇතිවය.

මේ වන විටත් වැලිගම සිය ගණනක් සුරාබදු බලපත් විවිධ වර්ගීකරණයන් ට යටත්ව ලබා සංචාරක අවන්හල් සහ හෝටල් පවත්වාගෙන යයි. ඒ නිසා පාරේ තියා සුරාබදු බලපත්‍ර බෙදන්න දෙයක් වැලිගම නැත. දැන් එහි අවශ්‍යව තිබෙන්නේ ව්‍යාපාර සංවර්ධනය කර ගැනීමට සහ නව ව්‍යවසායකයින් බවට පත්වීමේ අපේක්ෂාවෙන් සිටින පාර්ශවයන්ට අවශ්‍ය දැනුම සහ නිසි තොරතුරු නිවැරදිව ලබාදීමය.

ඉතිං එවැනි සත්චේතනාවක් සහිතව දියත්වූ වැඩක් බකල් කරන්න එනවා කියන්නේ තවදුරටත් ඒ ජනතාව විඳින ප්‍රශ්න පීඩා එලෙසින් විඳින්නට දී පහත් දේශපාලන වාසියක් වෙත ඔවුන් නම්මවා ගන්නට අවස්ථාව හිමිකර දීමය.

බය හරි සාධාරණයි : වැඩේ එතරම් සාර්ථකයි !

සැබවින්ම ඊයේ සහ අද මාතර වැලිගම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවයට වූ ජන සහභාගීත්වය තහවුරු කරන්නේ දෙපයින් නැගී සිට දිවිය ජය ගන්නට ඔවුන්ට ඇති පෙළඹුමේ තරමය. උපදෙස් ණය රිසිට් අංක පන්දහසකට වඩා නිකුත් වී තිබු ඊයේ දින පමණක් ව්‍යවසායකයින් ඇතුළුව 8000කට ආසන්න පිරිසක් මෙම වැඩසටහන සදහා සම්බන්ධව සිටි බව සංවිධායක මණ්ඩලය තහවුරු කරයි.

වැලිගම ප්‍රදේශයේ ව්‍යවසායකත්ව අපේක්ෂාවන් ඇති තරුණ තරුණියන්ට මෙම ජංගම සේවාව මගින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සිට ණය ලබා ගැනීම දක්වා වන සියලු කටයුතු ඉටු කර ගැනීමේ අවස්ථාව මෙයින් උදා වී තිබිණ. 

ව්‍යාපාර ලියාපදිංචි කිරීමට අදාළ රාජ්‍ය ආයතන කුටි, ණය ලබා ගැනීම සඳහා බැංකු කුටි, ප්‍රදේශයේ බහුලව සිදු කෙරෙන සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට අදාළ රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ආයතන රැසක් මේ සඳහා සහභාගී විය. අද දිනද ඇතුළුව පුරා දින 2ක් වැලිගම දී පැවැත්වෙන මෙම ජංගම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

වැඩිදුරටත් මේ රාජපක්ෂ පිල්ලි එන්නේ මොකටද යන්න සහ වැලිගම පැවති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවයේ සැබෑ අපේක්ෂාව ගැන තවදුරටත් දැනගන්නට පහත වීඩියෝ සාක්ෂිය ඔබට සහය වනවා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment