දෙමටගොඩ වෙඩිතැබීමට අදාළ CCTV දර්ශණ නිකුත්වෙයි


මාලිගාවත්ත ප්‍රදේශයේදී ඊයේ (02) දිනයේ සිදුවූ බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශණ පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

වෙඩි තැබීමට මොහොතකට පෙර සැකකරුවන් ගමන් ගත් බවට සැක කෙරෙන කාර් රථය වෙඩි තැබූ ස්ථානය දෙසට ගමන් කරන අයුරු මෙම දර්ශන වළ ඇතුලත්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ මෙම රථය හඳුනාගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.

මේ පිළිබඳව තොරතුරක් ඇත්නම් 011 2662311 යන දුරකතන අංකයෙන් හෝ 011 2685151 යන අංක මගින් අදාළ තොරතුරු ලබාදෙන ලෙසද එම කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment