සංචාරක වීසා ඇවිත් වෙළදාම් කළ ඉන්දියානුවන් 12ක් අත්අඩංගුවට



සංචාරක වීසා මත මෙරට පැමිණ, ආගමන විගමන නීති උල්ලංගණය කරමින්, ඖෂධ වෙළදාමේ නිරතව සිටි ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකු මඩකලපුව - කාන්තන්කුඩි - වෙරළ පාර ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 7 දෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.

ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 26 සහ 57 අතර වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.

ඔවුන් සතුව තිබූ විවිධ ඖෂධමය දියර වර්ග, කුඩු වර්ග සහ කල්ක පොලිස් භාරයට ගෙන තිබෙනවා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment