සියඹලාණ්ඩුවේ මිනින්දෝරුවන් දෙදෙනෙක් රෝහලේ



සියඹලාණ්ඩුව - මානාභරන ප්‍රදේශයේ රජයේ ඉඩමක් කොටස් කිරීමට ගිය මිනින්දෝරු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පුද්ගලයන් සිව් දෙනෙකු පිරිසකගේ පහර කෑමට ලක්ව ඊයේ සියඹලාණ්ඩුව මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ ඉඩමෙහි අනවසරයෙන් පදිංචි වී සිටින පිරිසක් මෙලෙස පහරදීම සිදුකර ඇති බවයි. සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරියා ද පහරකෑමට ලක්ව රෝහල ගත කර තිබෙනවා.

 සිද්ධියට මුහුණ දුන් පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ඉඩම මැනීමේ කටයුතු ආරම්භ කළේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් එන්.එම්. නන්දසිරිගේ උපදෙස් අනුව බවයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment