පිපිරීම් දෙකම සමානයි



මිනුවන්ගොඩ - කොටුගොඩ සහ බියගම විදුලි උප පොළවල සිදුවූ පිපිරීම්වල යම් සමානත්වයක් දක්නට ලැබෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කළේ පිපිරී ගිය ට්‍රාන්ස්ෆෝමර දෙකම එක සමාන ඒවා බවයි.

පරීක්ෂණ කටයුතුවලට රජයේ රස පරීක්ෂකවරයා ද සම්බන්ධ වන අතර ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කළ ජර්මන් සමාගමේ නියෝජිතයන් පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියා.

මිනුවන්ගොඩ - කොටුගොඩ -  ඕපාත ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උප පොලේ ට්‍රාන්ස්ෆෝමරය හදිසියේ පුපුරා ගිනි ගැනීමට හේතුව කඩිනමින් ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් සී වික්‍රමසේකර ප්‍රකාශ කළේ.

නිෂ්පාදන සමාගමේ නියෝජිතයන් පැමිණීමෙන් අනතුරුව අදාළ පිපිරීමට හේතුව නිෂ්චිතව ප්‍රකාශ කිරීමට හැකි වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත්, විදුලිය බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුනොවන බව ද සාමාන්‍යාධිකාරීවරයා සදහන් කළා.

මිනුවන්ගොඩ - කොටුගොඩ -  ඕපාත ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උප පොලේ ට්‍රාන්ස්ෆෝමරය ඊයේ පස්වරුවේ හදිසියේ පුපුරා ගිනි ගැනීමකට ලක්වුණා.

මෙම ට්‍රාන්ස්ෆෝමරය දිවයින පුරා විදුලිය විසන්ධි කරමින් පසුගිය දා බියගම උප පොලේ පුපුරා ගිය විදුලි ට්‍රාන්ස්ෆෝමරයට සමාන එකක්.

විදුලිබල මණ්ඩල සේවකයන් සහ ගිනි නිවන ඒකකය එක්ව ගින්න පාලනය කළා.

පිපිරීමත් සමඟ මීගමුව, කටුනායක, කැළණිය, රාගම ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටුණු බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment