ඒකාබද්ධ විපක්ෂය අද මුන්නේෂ්වරමට



රජයේ වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද 7 වන වරටත් පොල් ගසා දේව කන්නලව්වක නිරත වීමට නියමිතයි.

ඒ හලාවත - මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලයේදියි.

මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය රජයට එරෙහිව පොල්ගසා දේව කන්නලව් සිදුකරනු ලැබුවා.

ඒ හික්කඩුව - සීනිගම දේවාලය, රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව - කුඩාකතරගම දේවාලය, සිංගක්කුලිය - අයියනායක දේවාලය, මොරටුව - ලූනාව දේවාලය, මෝදර - කාලිමෑණියන්ගේ දේවාලයේදී සහ කුලියාපිටිය - සූනියම් දේවාලයේදීයි.

මේ අතර අද දිනයේදී රජයට සහාය පළ කරමින් ද තවත් දේව කන්නලව්වක් සිදුකරනවා.

එය සංවිධානය කර තිබෙන්නේ ද හලාවත මුන්නේෂ්වරම් ශ්‍රී භද්‍රකාලි දේවාලයේදියි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ පළාත් සේවක පිරිසක් මෙය සංවිධානය කර තිබෙන අතර ඊට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද එක්වීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment