ශ්‍රීලමුකො 19 අද - ජනපති හා අගමැති ප්‍රධාන ආරාධිතයින්



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 19 වන සමුළුව අද පැවැත්වෙයි.

පෙරවරු 9.00ට අම්පාර, පාලමුනෙයි මහජන ක්‍රිඩාංගණයේදී සමුළුව පැවැත්වෙන බව මුස්ලිම් කොංග්‍රසය සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන අමුත්තා ලෙසත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවේ විශේෂ අමුත්තෙකු ලෙසත් සහභාගී වීමට නියමිතය.

එමෙන්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු සෙසු දේශපාලන පක්ෂ වල නායකයන්ටද මුස්ලිම් කොංග්‍රසයේ 19 වන සමුළුවට සහභාගී වන ලෙස ආරාධනා කර ඇත.

පක්ෂ ව්‍යවස්ථාවට අනුව මෙවැනි සමුළුවක් පවත්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පැවසුවේය.

පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන්මඟ හා දැනට රට තුළ පවත්නා දේශපාලන වාතාවරණය සහ පක්ෂයේ ස්ථාවරය පිළිබඳ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් මෙහිදී පාක්ෂිකයන් දැනුවත් කිරීමට නියමිත බව සඳහන්ය.
 
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment