එකම පවුලේ 14 දෙනෙකු පරලොව යැවූ තරුණයාගේ කතාවේ සුලමුල හෙළිවෙයි


එකම පවුලේ 14 දෙනෙකු ඝාතනය කර සිය දිවි නසා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් පසුගියදා වාර්තා වුණේ ඉන්දියාවේ මුම්බායි නගරයෙන්. එහිදි එම පුද්ගලයා තමන්ගේ මව ඇතුළු තවත් පවුලේ සාමාජිකයින් 13 දෙනෙකු පිහියෙන් ඇන ඝාතන කර තිබුණා.

Hasnain Warekar නමැති මෙම තරුණයා අදාළ ඝාතන සිදුකිරීමට හේතුව මේ වන විට පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ණය බරින් පෙලුණු ඔහු නිවසේ සියලු දෙනාගේ ආහාරවලට සිහිමද ගතිය දැනෙන ඖෂධයක් කලවම් කර මේ ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ සිද්ධිය වන අවස්ථාව වන විටත් ගණකාධිකාරිවරයෙකු වුණු Hasnain සිය මස්සිනා ඇතුළු කිහිප දෙනෙකුගෙන් ඉන්දියන් රුපියල් ලක්ෂ 64 ක් පමණ ණය ලෙස ලබාගෙන තිබුණා.

ඔහු මෙම මුදල් ඉන්දියාවේ සිට පුවක් අපනයනය කිරීම සඳහා යොදවා ඇති බවට සැක කරන පොලිසිය මුම්බායි කොටස් ‍වෙළඳපොල සමග එක්ව ඔහුගේ මුදල්වලට සිදුවූ දේ පිළිබඳ පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. ‍

මේ අතර Hasnain තමන්ගේ සහෝදරියක් අපයෝජනය කර එය නිවසට ආරංචි වීමත් සමග ඇතිවු මානසික පීඩනය නිසා මේ ඝාතන සිදුකළ බවටත් පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් මේ සිද්ධියේදි  Hasnain ගේ පවුලේ ජීවිතය බේරා ගත් එකම සමාජිකාව වූ Subiya Barmar නමැති සහෝදරිය පවසන්නේ තමන්ට හෝ කිසිදු සහෝදරියකට Hasnain එවැනි දෙයක් නොකළ බවයි.
(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment