පාතාලේ "සමයං"ගේ බිරිඳදැයි විමසා, අගක් මුලක් නොදන්න ගැබිණි මවකට මහදවල් වෙඩි තැබූ නරුමයෝ

 
පැය 7ක සැත්කමකින් පසු කුසේ සිටින දරුවාට හානියක් නෑලු..

වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ඊයේ (05) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 23 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය ප්‍රකාශ කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව මාස 3 ක ගැබිණියක් බවයි.

 ඇයගේ උරහිසට වෙඩි වැදී ඇති අතර ඇය තවත් ඥාතීන් කිහිපදෙනෙකු සමග බන්ධනාගාරයට පැමිණ තිබුණේ එහි රදවා සිටින තම ඥාතියෙකු බැලීමටයි.


යළි පිටතට පැමිණි මොහොතේ යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණි දෙදෙනෙකු තමා ‘‘සමයං’’ නමැති පාතාල සාමාජිකයාගේ බිරිද දැයි විමසූ බවත්, පසුව එකවරම වෙඩි තැබූ බවත්, ඇය පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

මීට කලකට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි ප්‍රහාරයකට ලක්වුණේ අරුණ උදයශාන්ත හෙවත් සමයං නමැති පාතාල සාමාජිකයායි.

ඔහු ද වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටිනවා. ගත වූ දින කිහිපය තුළ පුද්ගල ඝාතන සිද්ධීන් සහ වෙඩි තැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වුණා.

පසුගියදා දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව ආසන්නයේදී දෙමටගොඩ චමින්ද නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධිය සහ රාජගිරිය - ඔබේසේකරපුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඉන් ප්‍රධානයි.

 කොච්චිකඬේ ප්‍රදේශයේදී ද ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ගාල්ල - බද්දේගම - අම්පේගම ප්‍රදේශයෙන් ද වෙඩි තැබීමක් වාර්තා වුණා.

ගතවූ දින තුන තුළ දී වෙඩි තැබීමේ සිද්ධීන් 05 ක් වාර්තා වී ඇතත්, මේ වනතෙක් එම සිද්ධීන්වලට සම්බන්ධ කිසිවෙකුත් පොලිසිය අත්අඩංගුවට ගෙන නැහැ.


(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment