වසරකට ගබ්සා කිරීම් 15,000ක්


ශ්‍රී ලංකාවේ වසරකට  ගබ්සා කිරීම් 15,000ක පමණ සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විවිධ හේතූන් මත ගර්භනී මව්වරුන් අතර සිය දිවි හානිකරගැනීම්ද වැඩිවෙමින් පවතින බව එම අමාත්‍යංශය පවසයි.

හිංසනය හා කාන්තා මානසික සෞඛ්‍ය යන තේමාව යටතේ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂිකා  වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කලේ වර්තමානයේ කාන්තාවන් මානසික පීඩාවන්ට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

දුප්පත්කම, මන්ද පෝෂණය, ගෘහස්ථ ගැටලු සහ හිංසනය, අධික වෙහෙස, ශරීර වෙනස්කම් හේතුවෙන් කාන්තාවන් දැඩි ලෙස මානසික පීඩනයට ලක්ව ඇති බව සඳහන්ය.
වයස අවුරුදු 15 ත් 24ත් අතර යෞවනියන්ගෙන් සියයට 06කට පමණ  සියදිවි හානිකරගැනීමේ අදහස් පහල වී ඇති බව ද අනාවරණය වී තිබේ.

 සෑම වසරකම කාන්තාවන් ලක්ෂ 04ක් ගර්භනීභාවයට පත් වන අතර වසරකට කාන්තාවන් 140ක් දරු ප්‍රසූතියේදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එමෙන්ම  සෑම වසරකම අඩු වයස් ගර්භනී මව්වරුන් 24,000ක පමණ පිරිසක් හඳුනාගැනෙන බවද එම අමාත්‍යංශය පෙන්වා දී ඇත.


(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment